Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගාල්ල පිල අවසන් මහ තරගයට එයි

ගාල්ල පිල අවසන් මහ තරගයට එයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ මහනුවර රංගිරි දඹුලු  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06) පැවැති තරගයේදී ගාල්ල පිල ලකුණු 76 කින් දඹුල්ල පිල පරාජය කිරීමට සමත් විය.

ගාල්ල පිල පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර මෙම ජයග්‍රහණයත් සමඟ ගාල්ල පිල තරගයක් ඉතිරිව තිබියදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

දඹුල්ල පිලට අවසන් මහ තරගයට පැමිණීමේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 346 ක ඉලක්කය හඹාගිය දඹුල්ල පිල ඕවර 46.5 කදී ලකුණු 269 කට සීමා විය.
දඹුල්ල පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 84 කදී ලකුණු 78 ක් ලබා සිටියදී ලකුණු වේගය වැඩි කිරීම සඳහා වේගවත් පහරකට යෑමෙන් දැවී ගියේය.

මැතිව්ස් පහර දුන් පන්දු 84 න් අටක් හතරේ සීමාව පසුකර යැවීමට සමත් වූ අතර ඉන් එකක් ඉහළින් ඇදී යෑමට සැළැස්වීය.

ධනංජය සිල්වා කඩුලු තුනක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.  
ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දුන් ගාල්ල පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 76 කින් හතරේ පහර 11 ක් සමගින් ලකුණු 89 ක් රැස්කිරීමට සමත් විය.

 ධනංජය ද සිල්වා (89) සහ ළහිරු තිරිමාන්න (82) දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 151 ක සම්බන්ධතාව ගාල්ල පිලේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය බවට පත්විය.

තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 44 කින් ලකුණු 65 ක් රැස්කළ අතර එයට හතරේ පහර හතක් සහ හයේ පහරක් ඇතුළත් විය.

මිනෝද් භානුක පන්දු 36 කින් රැස්කළ ලකුණු 44 ත් සමගින් ගාල්ල පිල ලකුණු 345 ක් දක්වා පැමිණියේය.
ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ගාල්ල පිලට ආරාධනා කළේය.  

 

ලකුණු පුවරුව
ගාල්ල කණ්ඩායම
සඳුන් වීරක්කොඩි - ඇ. ඕෂද ප ඉෂාන්     41
ළහිරු තිරිමන්න - ඇ. ඉසුරු ප. සඳකැන්     82
ධනංජය ද සිල්වා - ඇ. දික්වැල්ල ප. ජයරත්න     89
කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා     2
මිලින්ද සිරිවර්ධන - ඇ. මැතිව්ස් ප. ඉෂාන්     65
සම්මු අෂාන් - ඇ. දික්වැල්ල ප. විශ්ව    2
මිනෝද් භානුක - ඇ. දික්වැල්ල ප. ඉසුරු    44
වනිඳු හසරංග - ඇ. ධනුෂ්ක ප. ඉසුරු    3
ධම්මික ප්‍රසාද් - නොදැවී     1
දුෂ්මන්ත චමීර - නොදැවී     1
අතිරේක    15
එකතුව ඕවර 50 යේදී කඩුලු 8 ක් දැවී     345
පන්දුවට පහර නොදුන් පිතිකරු:
සුරංග ලක්මාල්
කඩුලු වැටීම:
1-65(සඳුන්), 2-216(ධනංජය), 3-220(කුසල්), 4- 234(තිරිමාන්න), 5-254(සම්මු), 6-335(මිලින්ද), 7-343(මිනෝද්), 8-344(වනිඳු)

පන්දු යැවීම:
විශ්ව ප්‍රනාන්දු: 7-0-67-1, ඉසුරු උදාන: 9-0-64-2, ඉෂාන් ජයරත්න: 8-0-43-3, ධනුෂ්ක ගුණතිලක: 8-0-46-0, ජීවන් මෙන්ඩිස්: 6-0-33-0, ලක්‍ෂාන් සඳකැන්: 9-0-68-1, අෂාන් ප්‍රියංජන්: 3-0-22-0


දඹුල්ල කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල - ඇ. මාලිංග ප. ප්‍රසාද්    19
ධනුෂ්ක ගුණතිලක - ප. චමීර    7
ඕෂද ප්‍රනාන්දු - ඇ. මනෝද් ප. මාලිංග     20
භානුක රාජපක්‍ෂ - ස්ටම්ප් මිනෝද් ප. වනිඳු     16
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. වනිඳු ප. සම්මු    78
අෂාන් ප්‍රියංජන් - ඇ. සහ ප. ධනංජය    41
ජීවන් මෙන්ඩිස් - ක. මූ. කළා ප. ධනංජය     23
ඉසුරු උදාන - ඇ. වනිඳු ප. ප්‍රසාද්    14
ඉෂාන් ජයරත්න - ඇ. කුසල් ප. ධනංජය    26
විශ්ව ප්‍රනාන්දු - නොදැවී    1
ලක්‍ෂාන් සඳකැන් - ස්ටම්ප් මිනෝද්ප. මිලින්ද    8
අතිරේක    16
එකතුව ඕවර 46.5 කදී සියලු දෙනා දැවී     269

කඩුලු වැටීම:
1-9(ධනුෂ්ක), 2-43(දික්වැල්ල), 3-52(ඕෂද), 4-87(භනුක), 5-191(මැතිව්ස්), 6-199(ප්‍රියංජන්), 7-228(ජීවන්), 8-256(ඉෂාන්), 9-258(ඉසුරු), 10-269(සඳකැන්)

පන්දු යැවීම:
ලසිත් මාලිංග: 8-1-32-1, දුෂ්මන්ත චමීර: 6-0-38-1, ධම්මික ප්‍රසාද්: 5-0-16-, වනිඳු හසරංග: 10-0-55-1, ධනංජය ද සිල්වා: 9-0-57-3, මිලින්ද සිරිවර්ධන: 4.5-0-35-1, සම්මු අෂාන්: 4-0-30-1

 

- 048


අදහස් (0)

ගාල්ල පිල අවසන් මහ තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.