Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගේල් එක්දින පිටියෙන් සමුගැනිමට සැරසෙයි

ගේල් එක්දින පිටියෙන් සමුගැනිමට සැරසෙයි

ශනුක අරවින්ද - 2019 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී (2019) පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමා එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගාරී පිතිකරු ක්‍රිස් ගේල් පවසයි.

ඉකුත් වසරේ (2018) ජූලි මාසයේදී අවසන් වරට කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කළ ගේල්, හෙට (20 වැනිදා) එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයේදී යළිත් කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. මේ වන විට 39 වැනි වියේ පසුවන මෙම ආරම්භක පිතිකරුවා එක්දින තරග 284 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 9,727 කි.

“ඔබ බලා සිටින්නේ ශ්‍රේෂ්ඨ මිනිසෙකු දෙසයි. මම තමයි මේ ලෝකෙ ඉන්න විශිෂ්ඨතම ක්‍රීඩකයා. කොටින්ම කිව්වොත් මම තමයි ‘විශ්වයටම ලොක්කා’. ඒක කවදාවත් වෙනෙස් වෙන්නේ නෑ. මම මැරුණාමත් ඒක ඒ විධියටම තියේවි.” යැයි ගේල් විදෙස් වෙබ් අඩවියකට අදහස් දක්වමින් කියා තිබේ.

එක්දින තරගවලදී වැඩිම ලබාගෙන ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා වන බ්‍රයන් ලාරා පසුකර යෑමට ගේල්ට අවශ්‍ය වී ඇත්තේ තවත් ලකුණු 677 ක් පමණි. සිය 5 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එම වාර්තාව තමන් සතුකර ගැනීමට ගේල් සූදානමින් පසුවෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය මැයි මස 30 වැනිදා ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි වන පළමු තරගය පාකිස්තානයට එරෙහිව 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

“ලෝක කුසලානය ජය ගැනීම සුරංගනා කතාවක අවසානයක් වගෙයි. අපේ තරුණ ක්‍රීඩකයො මට ලෝක කුසලානයක් ණයයි. ඒ නිසා ඔවුන්ට සිදුවෙනවා මං වෙනුවෙන් කොහොම හරි මේ ලෝක කුසලානය දිනන්න. එතනදි මගෙන් අවශ්‍ය දායකත්වය ඔවුන්ට ලබා දෙන්න මම සූදානම්.”

“මම යහපත් සෞඛ්‍ය තත්වයක ඉන්නවා. මගේ සිරුර ගැන මම තෘප්තිමත්. මම වැඩියෙ මහත් වෙන්න කැමති නැහැ. ඒ නිසා පහුගිය දවස්වල මගේ බර ටිකක් අඩු කරගත්තා. ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න මම දිගටම ව්‍යායාම කරනවා.” යැයිද එහිදී ගේල් පැවසීය.

1999 වසරේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ගේල් මේ වන විට එක්දින ශතක 23 ක හිමිකරුවකු වන අතර ඊට මින් වසර 4 කට පෙර එනම් 2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ද්විත්ව ශතකයක්ද ඇතුළත් වේ.

-036

 


අදහස් (0)

ගේල් එක්දින පිටියෙන් සමුගැනිමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.