Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ජායිපූර්හිදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්ජාබ් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. එහිදී මුජීබුර් රෙහෙමාන්, අන්කිත් රාජ්පුත් සහ සෑම් කරන් කඩුලු 2 බැගින් දවාගනිමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
රාජස්ථාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජොස් බට්ලර් පන්දු 43 කදී ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි. නායක අජින්ක්‍යා රහනේ සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය.
කෙසේ වුවත් දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටියදී බට්ලර්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ රවිචන්ද්‍රන් අෂ්වින් පන්දු යැවීමේ අන්තයේ කඩුල්ල බිඳ දැමීම හේතුවෙනි. ඒ වන විට බට්ලර් එම අන්තයේ සීමවෙන් ඉදිරියට පැන සිටිම හේතුවෙන් තෙවැනි විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සංඥ්ඥා කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 47 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළේය.
මායන්ක් අගර්වාල් (22) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගේල්, ඉන් නොනැවතී සර්ෆරාස් ඛාන් (නොදැවී 46) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පන්ජාබ් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
මෙම ඉනිමත් සමග අයි.පී.එල්. ඉතිහාසයේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 4000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමටද ගේල්ට හැකිවිය. ඒ සඳහා ඔහුට ඉනිම 112 ක් වැය වී තිබිණ. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 114 කින් ලකුණු 4000 සීමාව පසුකර ගිය ඬේවිඞ් වෝනර්ය. මේ වන විට අයි.පී.එල්. තරග බිමේදී ලකුනු 4000 සීමාව පසු කළ විදෙස් ක්‍රීඩකයන් වන්නේ ගේල් සහ වෝනර් පමණි.
පන්දු 24 කදී වාර්තා වූ අගර්වාග්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත වූ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සර්ෆාරස්, පන්දු 29 කදී වාර්තා වූ සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත කළේය.
කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක අජින්ක්‍යා රහනේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. රාජස්ථාන් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ජොෆ්රා ආචර් සිය ඕවර 4 ලකුණු 17 කට අවසන් කළ අතර බෙන් ස්ටෝක්ස් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 48 ක් ලබාදෙමිනි.
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 184
(කිස් ගේල් 79, මායන්ක් අගර්වාල් 22, සර්ෆරාස් ඛාන් නොදැවී 46, නිකලස් පූරන් 12, බෙන් ස්ටෝක්ස් 48/2)
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 170
(අජින්ක්‍යා රහනේ 27, ජොස් බට්ලර් 69, සංජු සැම්සන් 30, ස්ටීවන් ස්මිත් 20, මුජීබුර් රෙහෙමාන් 31/2, අන්කිත් රාජ්පුත් 33/2, සෑම් කරන් 52/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.