Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චිතගොන් ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක්

චිතගොන් ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු ටෙස්ට් තරගය පැවැති චිතගොන් හි අහමඞ් චවුද්‍රි ක්‍රීඩාංගණය ටෙස්ට් තරගවලට නුසුදුසු බවට එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ  ඩේවිඩ් බූන් මහතා අන්තර් ජාතික ක්‍රිකට් සභාවට වාර්තා කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම තරගයේදී කණ්ඩායම් දෙකේ පිතිකරුවන් ශතක 5 ක් සහ අර්ධ ශතක 6 ක් වාර්තා කිරීමට සමත් වීමත්, තරගය පැවැති දින 5 දී පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ කඩුලු 24 ක් පමණක් වීමත්ය.
 
චිතගොන් තණතිල්ලේ වේග පන්දු යවන්නන්ට කිසිදු දෝලනයක් ලබාගත නොහැකිවූ  බවත්, තරගය පුරා පන්දුවේ ඉපිළීමේ වෙනස්කම් තිබූ බවත්, දඟ පන්දු යවන්නන්ට පන්දුව දඟකැවීමට කිසිදු ඉඩක් නොලැබුණ බවත් බූන් මහතාගේ වාර්තාවේ සටහන් වේ.

බූන් මහතාගේ වාර්තාව සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීති වලට අනුව චිතගොන් ක්‍රීඩාංගණයට දඩුවම් ලකුණුක් ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

ඉදිරි වසර 5 ක කාලය සඳහා එම දඩුවම් ලකුණු බල පැවැත්වෙන බවත්, එම කාල සීමාවේදී  තවත් දඩුවම් ලකුණු 5 ක් එක් වුවහොත් අහමඞ් චවුද්‍රි ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීම වසර 5 කට තහනම් කිරීමට සිදුවන බවත් අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද තරගයෙන් අනතුරුව චිතගොන් ක්‍රීඩාංගණය ටෙස්ට් තරග සඳහා නුසුදුසු බව පවසා සිටියේය.


- 036

 


අදහස් (0)

චිතගොන් ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.