Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සමත්ව සිටියි. ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 336 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 10 දෙනා අතරට එක්වූ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදී ද්විත්ව ශතක දෙකක්, ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 610 ක් රැස්කළ ඉන්දිය කණ්ඩායමේ නායක විරාට් කෝලී ස්ථාන 3 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පත්වී ඇත. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි ඕස්ටේ්රලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් තම ස්ථානය රැකගැනීමට සමත්විය.
පාකිස්තාන සමග පැවැති ටෙස්ට් තරගාවලියට එක්නොවූ ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමගින් පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලබාගත් ශතකය හේතුවෙන් පියවර 7 ක් ඉහළට නඟිමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 30 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටී.
පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අවසන් වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී දිනේෂ් චන්දිමාල් 21 වැනි ස්ථානයේත් ඇන්ජලෝ මැතිව්ස් 24 වැනි ස්ථානයේත් පසුවුවද ලෝකයේ අනෙක් රටවල් අතර පැවැති ටෙස්ට් තරගාවලි අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම හේතුවෙන් ඉන්දිය ටෙස්ට් තරගාවලිය අවසන් වීමට ප්‍රථම චන්දිමාල් 17 වැනි ස්ථානයේත් මැතිව්ස් 30 වැනි ස්ථානයේත් සිට ඇත.
තරගයේ පරාජය පෙනි පෙනි තිබූ අවස්ථාවක තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සදහා සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් ශතකයක් (නොදැවී 119) ලබා ගත් ධනංජය ද සිල්වා ස්ථාන 9 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී 47 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.
පිට කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමගින් පැවැති තෙවැනි ටෙස්ට් තරගය සදහා එක් නොවූ රංගන හේරත් පළමු සහ දෙවැනි ටෙස්ට් තරගයේදී ලබාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණක් වුවද ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී වෙනසක් සිදුනොවී ඇති අතර 5 වැනි ස්ථානයේ ඔහු රැඳී සිටින්නේය. ඉන්දියාව සමගින් අවසන්වූ ටෙස්ට් තරගාවලියේදී කඩුලු 8 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරාට ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හී හිමිව ඇත්තේ 21 වැනි ස්ථානයයි.
කෙසේ වෙතත් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේදී 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට රංගන හේරත් සමත්වී ඇති අතර 11 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත්වී ඇත.
ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය රැගගැනීමට එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත්වී ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවු රවින්ද්‍ර ජදේජා ස්ථානයක් පහළ වැටී ඇත. රවින්ද්‍ර ජදේජා පහළ වැටීමත් සමගින් දෙවැනි ස්ථානය සදහා උසස්වීමක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නකු වන කගිසෝ රබාඩා සමත්විය.
ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගයේදී රංගන හේරත් වෙනුවට කණ්ඩායමට කැඳවු ලක්ෂාන් සඳකැන් ස්ථාන 11 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 56 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. තෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක් දවාගැනීමට සඳකැන්ට හැකිවිය.
තරග 3 කට සහභාගී වෙමින් කඩුලු 7 ක් දවාගත් ළහිරු ගමගේ ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 18 ක් ඉදිරියට පැමිණෙමින් 76 වැනි ස්ථානයට පත්ව ඇත.
ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම
ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.