Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරි අතපත්තු ශතකයක් රැස්කරයි

චමරි අතපත්තු ශතකයක් රැස්කරයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

චමරි අතපත්තු ශතකය රැස්කිරීමෙන් පසු...


අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී අද (17) පැවැති දෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු (106) ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වූවාය.

තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගයේ ඉතිරි ඉනිම හෙට (18) පැවැත්වෙන අතර දකුණු අප‍්‍රිකාව ජයග‍්‍රහණය සදහා ලකුණු 210 ක ඉලක්කයක් සම්පූර්ණ කළ යුතුය.

ශ‍්‍රී ලංකා පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී කඩුලූ 8 ක් දැවී ලකුණු 209 ක් රැස් කළේය.

විසිහතර හැවිරිදි චමරි අතපත්තු පන්දු 151 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 106 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඇයගේ ද දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වූවාය.

ප‍්‍රවේගකාරි වමත් පිතිකාරී චමරි අතපත්තු 2011 වසරේ අපේ‍්‍රල් මස 28 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පළමු එක්දින ශතකය රැස්කිරීමට සමත්ව සිටියාය.

නවක ක‍්‍රීඩිකා හසිනි පෙරේරා සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වෙමින් පන්දු 69 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත් වූවාය.  

ශ‍්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව වර්ෂාව ඇද හැලීමෙන් තරගයේ ඉතිරි කොටස අද පැවැත්වීමට විනිසුරුවෝ තීරණය කළහ.

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 209 (චමරි අතපත්තු 106, ප‍්‍රසාදිනී වීරක්කොඩි 36, හසිනි පෙරේරා 43, ශබ්නිම් ස්මයිල් 35/4)
 

ඡායාරූපය - ශාන්ත රත්නායක

 

 


අදහස් (0)

චමරි අතපත්තු ශතකයක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.