Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරිගේ ශතකය වතුරේ යයි

චමරිගේ ශතකය වතුරේ යයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඕස්ට්‍රේලියානු කාන්තා පිල අතර බ්‍රිස්ටල්හිදී අද (29) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල මෙම පරාජයත් සමඟ තරගාවලියේ සහභාගි වූ දෙවැනි තරගයත් පරාජය විය.

ඕස්ට්‍රේලියානු පිල ඕවර 43.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 258 ක ඉලක්කය සම්පූර්ණ කළේය. 
ඕස්ට්‍රේලියානු පිලේ නායිකා මැග් ලැනින් පන්දු 135 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 152 ක් රැස්කරමින් ජයග්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූවාය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චමරි අතපත්තු නැවතත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 143 කදී හතරේ පහර 22 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 178 ක් රැස්කිරීමට සමත් වූවාය. මෙය චමරිගේ ඉහළතම එක්දින ලකුණු සංඛ්‍යාව ද වේ.

චමරිගේ මෙම ලකුණු 178 ක ඉනිම ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහළතම ඉනිම ලෙස ද වාර්තා පොතට එකතු විය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව බෙලින්ඩා ක්ලාක් (නොදැවී 229) සහ ඉන්දීය ක්‍රීඩිකාව දීප්ටි ශර්මා (188) චමරිට ඉදිරියෙන් සිටිති. එංගලන්ත හිටපු නායිකා චාලට් එඞ්වඞ්ස් නොදැවී ලකුණු 173 ක් රැස්කරමින් මීට පෙර තෙවැනි ස්ථානයේ රැදී සිටියාය. 

මෙය වමත් පිතිකාරී චමරි අතපත්තුගේ තුන්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වේ. ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු සහ එකම ශතක ලාභිනිය බවට 27 හැවිරිදි චමරි අතපත්තු පත්ව සිටින්නීය.
චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන (24) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 52 ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා ගොෟරවය රැකගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා පිල ලකුණු 257 ක් රැස්කළ ද පිතිකාරියන් තිදෙනකු පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සීමාව පසු කළ අතර සෙසු පිතිකාරියෝ අටදෙනාම ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට අපොහොසත් වූහ.

මෙම ලකුණු 257 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. අයර්ලන්තයට එරෙහිව 2013 වසරේ රැස්කළ ලකුණු 282 ක ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.

අයර්ලන්තයට එරෙහිව 2011 වසරේ කොළඹදී රැස්කළ ලකුණු 251 ක මීට පෙර ඉහළතම දෙවැනි ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබූ අතර එම තරගයේදී චමරි අතපත්තු ලකුණු 111 ක් රැස්කරමින් පළමු ශතකය වාර්තා කිරීම ද කැපී පෙනේ.

 

ලකුණු පුවරුව


ශ්‍රී ලංකා කාන්තා පිල
නිපුනි හංසිකා - ක. මූ. කළා ප. පෙරී    0
චමරි පොල්ගම්පොළ - ක. මූ. කළා ගාඞ්නර්     6
චමරි අතපත්තු - නොදැවී     178
ඩිලානි මනෝදර - ක. මූ. කළා ප. බීම්ස්    8
ප්‍රසාදිනී වීරක්කොඩි - ඇ. බ්ලැක්වෙල් ප. විලානි    1
ශෂිකලා සිරිවර්ධන - ක. මූ. කළා ප. බීම්ස්     24
හසිනි පෙරේරා - ප. බෝල්ටන්     0
ඒෂානි ලොකුසූරිය - ප. බෝල්ට්    13
ශ්‍රීපාලි වීරක්කොඩි - ඇ. වකරිවා ප. ෂූට්    8
ඉනෝකා රණවීර - නොදැවී     0
අතිරේක    19
එකතුව ඕවර 50 යේදී කඩුලු 9 ක් දැවී     257


කඩුලු වැටීම:
1-0(හංසිකා), 2-49(පොල්ගම්පොළ), 3-76(මනෝදර), 4-77(ප්‍රසාදිනී), 5-129(ශෂිකලා), 6-130(හසිනි), 7-190(ලොකුසූරිය), 8-234(ශ්‍රීපාලි), 9-257(ප්‍රබෝදනී)


පන්දු යැවීම:

8-0-52-2, මේගන් ෂූට්: 10-2-50-1, අෂ්ලි ගාඞ්නර්: 10-0-39-1, ක්‍රිස්ටීන් බීම්ස්: 10-0-49-2, එල්සි විලානි: 5-0-22-1, බෙලින්ඩා වකරිවා: 4-0-22-0, නිකොලි බෝල්ටන්: 3-0-18-2
 


ඕස්ට්‍රේලියානු කාන්තා පිල
නිකොලි බෝල්ටන් - ඇ. හංසිකා ප. ශෂිකලා        60
බෙත් මූනි - ඇ. අතපත්තු ප. ශ්‍රීපාලි         0
මැග් ලැනින් - නොදැවී        152
එලිසි පෙරී - නොදැවී        39
අතිරේක        11
එකතුව ඕවර 43.5 කදී කඩුලු 2 ක් දැවී         262


පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
එල්සි විලානි, ඇලෙක්ස් බ්ලැක්වෙල්, එලීසා හීලි, අෂ්ලි ගාඞ්නර්, මේගන් ෂූට්, ක්‍රිස්ටීන් බීම්ස්, බෙලින්ඩා වකරිවා


කඩුලු වැටීම:
1-5(මූනි), 2-138(බෝල්ටන්)


පන්දු යැවීම:
උදේෂිකා ප්‍රබෛා්දනී: 8-0-54-0, ශ්‍රීපාලි වීරක්කොඩි: 8-1-39-1, ශෂිකලා සිරිවර්ධන: 10-0-62-1, ඉනෝකා රණවීර: 9-0-51-0, ඒෂානි ලොකුසූරිය: 2-0-10-0, චමරි අතපත්තු: 1-0-10-0, චමරි පොල්ගම්පොළ: 5.5-0-33-0
තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව: චමරි අතපත්තු

 

- 048


අදහස් (0)

චමරිගේ ශතකය වතුරේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.