Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරි යෝක්ෂයර් ඩයමන්ඩ් පිලට

චමරි යෝක්ෂයර් ඩයමන්ඩ් පිලට

Nisanka Sandeepani - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාණිජ අයිතිකරුවන්ගේ කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගීවන පළමු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාව වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තුට හිමිවී ඇත. 

අගෝස්තු මස 10 වැනිදා එංගලන්තයේදී දෙවැනි වරටත් පවත්වන ‘කියා සුපර් ලීග්’ තරගාවලියේදී යෝක්ෂයර් ඩයමන්ඞ් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව චමරිට හිමිවි ඇත. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක වන බෙත් මූනී ආබාධයකට ලක්වීම හේතුවෙන් චමරි අතපත්තු යෝක්ෂයර් ඩයමන්ඞ් කණ්ඩායමට ආදේශ කර ඇත.

එක්දින තරග 66 කට ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු ශතක තුනක් සහ අර්ධ ශතක 12 ක් සමගින් ලකුණු 1986 ක් රැස්කර ගෙන ඇති අතර පසුගියදා අවසන්වූ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 178 එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

විස්සයි20 ජාත්‍යන්තර තරග 58 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතපත්තු එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 1001 ක් රැස්කිරීමට සමත්වී ඇත.

 


අදහස් (0)

චමරි යෝක්ෂයර් ඩයමන්ඩ් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.