Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ අද (9 වැනිදා) පැවැති පළමු තරගයේදී චමරි අතපත්තු ක්‍රීඩා කරන මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 11 ක තියුණු ජයක් වාර්තා කිරීමට සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායම සමත් විය. සිඞ්නිහිදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි.
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ චමරි අතපත්තු පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් රැස්කළ නමුත් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී නිකොලා කේරිගේ පන්දුවක් හමුවේ නයෝමි ස්ටැලන්බර්ග් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියාය.
ජෙසිකා ඩුෆින් (81) සමග එක්ව මෙල්බර්න් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූ අතර පන්දු 47 කදී වාර්තා වූ ජෙසිකාගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය. කෙසේ වුවත් මෙල්බර්න් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ස්ටෙෆනි ටේලර් සහ රෙනී ෆාරෙල් කඩුලු 2 බැගින් දවාගනිමින් මෙල්බර්න් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ආරම්භක පිතිකාරිණී රචේල් හේන්ස් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 55 ක් රැස්කළ අතර චමරි අතපත්තුගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූවාය.
මුලු ලකුණු සංඛ්‍යාව 41 ක් වන විට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ නයෝමි ස්ටැලන්බර්ග් (38) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රචේල් හේන්ස් සමත් වූවාය. පන්දු 25 කට මුහුණදුන් නයෝමි, හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළාය.
ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නිකොලා කේරි (නොදැවී 47) සහ රෙනී ෆාරෙල් (නොදැවී 25) 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 83 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිඞ්නි කණ්ඩායම ලකුණු 200 සීමාව කරා කැඳවාගෙන ගියහ. පන්දු 17 කදී වාර්තා වූ නිකොලාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත වූ අතර පන්දු 13 කදී වාර්තා වූ රෙනීගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
සිඩ්නි තන්ඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 200
(රචේල් හේන්ස් 55, නයෝමි ස්ටැලන්බර්ග් 38, නිකොලා කේරි නොදැවී 47, රෙනී ෆාරෙල් නොදැවී 25)
මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 189
(සොෆී මොලිනෙක් 25, චමරි අතපත්තු 42, ජෙසිකා ඩුෆින් 81, එමා ඉංලිෂ් 20, ස්ටැෆ්නි ටේලර් 30/2, රෙනී ෆාරෙල් 44/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.