Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමෝද් සඳරුගෙන් ශතකයක්

චමෝද් සඳරුගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භවූ 17 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ’ හටනේදී පිළියන්දළ මැදි මහ විදුහල වෙනුවෙන් චමෝද් සඳරු නොදැවී ලකුණු 100 ක් ලබාගත්තේය. පිළියන්දළ මැදි විදුහල සිය මුල් ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 291 ක් ලබාගත් අතර තරගයේ පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළේය.

පසුගිය 2017 වසරේ ශ්‍රී ලංකා වයස 16 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ චමෝද් සඳරු පන්දු 158 කට මුහුණදුන් අතර හයේ පහර 6ක් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළේය. පස්වැනි කඩුල්ල සදහා චමෝද් සඳරු සමගින් එක්ව ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක හේෂාන් මධුශංක ලකුණු 73 ක් රැස්කරමින් පළමු දිනයේ වැඩි ගෞරව පිළියන්දල මැදි විදුහලට එක් කිරීමට සමත්විය. පන්දු 124 කට මුහුණදුන් හේෂාන් මධුශංකගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් ඇතුළත් විය.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වමත් පදඟ පන්දු යවන ක්‍රීඩක තිළිණ තරින්ද ලකුණු 89 කට කඩුලු 5 ක් දවාගත්තේය. තිසර සචින්තන ලකුණු 78 කට කඩුලු 3 ක් දවාගැනිමට සමත්විය.

හෙට (24 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


පිළියන්දල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 84.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 291
(චමෝද් සඳරු නොදැවී 100, හේෂාන් මදුශංක 73, ගයාෂාන් ගිම්හාන 34, සඳුන් තත්සර 22, තිළිණ තරින්ද 89/5, තිසර සචින්තන 78/3)

තක්ෂිලා ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 19
    

 


අදහස් (0)

චමෝද් සඳරුගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.