Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චරිත් අසලංක ටෙස්ට් සංචිතයට

චරිත් අසලංක ටෙස්ට් සංචිතයට

Nisanka Sandeepani - 2018 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ (ඉකිළියේ) ආබාධයකට ලක් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක චන්දිමාල්ට දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ගියේය. 

මේ වන විට පළමු පෙළ තරග 29 කට ක්‍රීඩා කර ඇති අසලංක, එහිදී ශතකයක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1185 ක් ලබා සිටින අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 24 කි. 

එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනා අතරද නොසිටි අසලංක, එංගලන්තයට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි පුහුණු තරගයේදී ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය. 

දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිවී තිබේ. 
 
-036 

 


අදහස් (0)

චරිත් අසලංක ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.