Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චෙන්නායි සුපර් කිංග්ස් ඉදිරියට පනී

චෙන්නායි සුපර් කිංග්ස් ඉදිරියට පනී

Nisanka Sandeepani - 2018 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 30 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 12 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. ප්‍රසාද ලකුණු 12 ක් ලබාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් සම තත්ත්වයේ සිටියද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවස්ථාව හිමිවිය.
මේ දක්වා තරග 8 කට සහභාගිවී ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග 6 බැගින් ජයගෙන තරග 2 බැගින් පරාජයට පත්වී ඇත.

ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම තරග 7 කට ක්‍රීඩාකරමින් තරග 5 ක් ජයගෙන ඇති අතර පරාජයට පත්වී ඇත්තේ තරග 2 ක් පමණි.

ප්‍රසාද ලකුණු 8 ක් හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි සහ පස්වැන් ස්ථාන හිමිකර ගත්හ.

පසුගිය වසරේ ශූරයන්වූ රෝහිත් ශර්මා නායකත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, විරාට් කෝලී නායකත්වය දරණ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ශ්‍රීයාස් අයියර් නායකත්වය දරණ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගනිමින් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවල පසුවෙති.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අම්බති රයිදු තරග 8 කට සහභාගීවී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 370 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 82 ඉනිමකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සිද්ධාර්ත් කෞල් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ ටේ‍රන්ට් බෝල්ට් සමත් වී ඇති අතර තරග 8 කදී ඔවුන් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 11 කි. 

 


අදහස් (0)

චෙන්නායි සුපර් කිංග්ස් ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.