Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය ආරම්භකරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව චෙන්නායිහිදී අද (23 වැනිදා) පැවැති පළමු තරගය කඩුලු 7 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 71 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 17.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
අම්බති රයිදු ලකුණු 28 ක් රැස්කරමින් චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් නායක විරාට් කෝලී පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද පරාජයෙන් තම කණ්ඩායම ගලවා ගැනීමට අපොහොසත් විය.
පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඕවර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 70 ක් පමණි.
ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි පාර්තිව් පටෙල් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 29 ක් රැස්කර සිටියේය. පාර්තිව් පටෙල් හැරුණුකොට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකිරීමට චෙන්නායි සුපර් කිංග්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
ඉම්රාන් තහීර් එක් නිලකුණු ඕවරයක් සමගින් සිය ඕවර 4 ලකුණු 9 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර හර්බජන් සිං ලකුණු 20 කට කඩුලු 3 ක් සහ රවින්ද්‍ර ජදේජා ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍රසිං දෝනී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 70
(පාර්තිව් පටෙල් 29, ඉම්රාන් තහීර් 9/3, හර්බජන් සිං 20/3, රවින්ද්‍ර ජදේජා 15/2)
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 17.4 කදී කඩුලු 3 ක් දැවී 71
(අම්බති රයිදු 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.