Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චෙන්නායි පිල ලකුණු 22 කින් ජයගනී

චෙන්නායි පිල ලකුණු 22 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 තරගය ලෙස චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර චෙන්නායිහිදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 22 ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කඩුලු 5 ක් දැවී ලබගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. මුලු ලකුණු සංඛ්‍යාව 7 ක් වන විට ක්‍රිස් ගේල් (5) සහ මායන්ක් අගර්වාල් (0) පිටියෙන් ඉවත් කළ හර්බජාන් සිං, ආරම්භයේදීම පන්ජාබ් කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෝකේෂ් රාහුල් (55) සහ සර්ෆරාස් ඛාන් (67) පන්ජාබ් කණ්ඩායම එම අසීරු තත්වයෙන් මුදවාගත් නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ.

පන්දු 47 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 59 කට මුහුණදුන් සර්ෆරාස්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ෆෆ් ඩුප්ලෙසි පන්දු 38 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. ෂේන් වොට්සන් (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩුප්ලෙසි සමත් විය.

නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 37 ක්ද, අම්බටි රයිඩු පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්ජාබ් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නායක රවිචන්ද්‍රන් අෂ්වින්, සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කළේ චෙන්නායි කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 3 ම තමන් සතු කරගනිමිනි.


චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 160
(ෂේන් වොට්සන් 26, ෆෆ් ඩුප්ලෙසි 54, සුරේෂ් රයිනා 17, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 37, අම්බටි රයිඩු නොදැවී 21)

කිංග්ස් ඞෂ පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 138  
(ලෝකේෂ් රාහුල් 55, සර්ෆරාස් ඛාන් 67, හර්බජාන් සිං 17/2, ස්කොට් කගිලීජන් 37/2)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි.

-036

 


අදහස් (0)

චෙන්නායි පිල ලකුණු 22 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.