Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 23 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 6 කට සහභාගි වූ චෙන්නායි කණ්ඩායම ඉන් තරග 5 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටියි.
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම තරග 4 ක් ජයගෙන තරග 2 බැගින් පරාජය වී ප්‍රසාද ලකුණු 8 ක් ලබා සිටින නමුත් දල ලකුණු වේගය අනුව කොල්කා කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, පන්ජාබ් කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද්, මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් තරග 3 බැගින් ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටිති. එහිදී දල ලකුණු වේගය අනුව හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයටත්, මුම්බායි කණ්ඩායම පස්වැනි ස්ථානයටත්, කොල්කටා කණ්ඩායම හයවැනි ස්ථානයටත් පත්ව සිටිති.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 6 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 349 කි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 100 වෝනර්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 87.25 ක් ලෙස සටහන් වේ.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගිසෝ රබාඩා සමත් වී ඇති අතර තරග 6 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 11 කි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගැනීම රබාඩාගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.