Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චෙන්නායි පිලට ලකුණු 4 ක තියුණු ජයක්

චෙන්නායි පිලට ලකුණු 4 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 20 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. සෙසු මුල් පෙළ පිතිකරුවන් ආසාර්ථක වෙද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 51 කදී හයේ පහර 5 ක් හතරේ පහර 5 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය.

යූසෆ් පතාන් (45) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්සන් සමත් වූ නමුත් සන්රයිසස් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 27 කදී වාර්තා වූ පතාන්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් දීපක් චාහර් සන්රයිසස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කීරීම සඳහා පුරෝගාමී විය.

කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 182 ක් ලබාගත්තේය.

එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිතර වූ අම්බටි රයිඩු පන්දු 37 කදී ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. සුරේෂ් රයිනා (නොදැවී 54) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිඩු සමත් විය. පන්දු 34 කදී වාර්තා වූ රයිනාගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

චෙන්නායි ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී වේගයෙන් පන්දුවට පහරදුන් මහේන්ද්‍ර සිං දෝනි පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් රැස්කළේය.


චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 182
(සුරේෂ් රයිනා 54, අම්බටි රයිඩු 79, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 25)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 178
(කේන් විලියම්සන් 84, සකීබ් අල් හසන් 24, යූසෆ් පතාන් 45, දීපක් චාහර් 15/3)


- 036

 


අදහස් (0)

චෙන්නායි පිලට ලකුණු 4 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.