Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගත් නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට අත්වූයේ කඩුලු 8 ක දරුණු පරාජයකි. ටෙස්ට් තරගාවලියේදී කළ අනුවණකම් එක්දින තරගයේදී නොකළ දකුණු අප්‍රිකානුවෝ සැලසුම් සහගත තරගයක යෙදෙමින් ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු යැවීම මට්ටු කළහ.
තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු’ප්ලෙසි පැවසුවේ බොහෝ අවස්ථාවලදී තමන්ගේ හොඳම ආයුධය වූයේ දඟ පන්දු යවන ඉම්රාන් තහීර් බවයි. ඩුප්ලෙසි එසේ කීවද ඕවර 10 ක් යවමින් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත් ඉම්රාන් තහීර්ට දින දෙකකට පෙර දකුණු අප්‍රිකානු කොන්ත්‍රාත්තුව අහිමි වී තිබිණ.
ඕවර 15 ක් පමණ ඉතිරිව තිබියදී, කඩුලු 4 කට ලකුණු 195 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දමන ලද්දේ තහීර් විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු හයම ලකුණු 36 ක් තුළ ඇද වැටිණ.
කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පා දඟ පන්දු යවන්නා පැවසුවේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින තරග බිමෙන් සමුගන්නා බවයි. මේ මස අවසානයේදී තහීර් 40 වැනි වියට පා තබයි.
ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග කීවේ පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් තරගය ජයගත නොහැකි වූ බවයි.
“ඉතාම තීරණාත්මක අවස්ථා වලදී අපි කඩුලු අහිමි කරගත්තා” යයි මාලිංග කීවේය. ශ්‍රී ලංකා පිතිකරුවෝ සිව් දෙනෙක්ම සාර්ථක සම්බන්ධතා දෙකකට සම්මාදම් වූ නමුත් සම්බන්ධතාවක් බිඳී ගිය වහාම අනෙක් පිතිකරුවාද දැවී ගියේය. මෙම තත්ත්වය පාලනය කරගත යුතු වූවත් ඕවර 38.5 කදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනකු පමණි.
කෙසේ වෙතත් පළමු තරගයේදී වඩාත්ම අසාර්ථක වූයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝය. උපුල් තරංග (09) පිත්තෙන් අසාර්ථක වූ අතර ලසිත් මාලිංග සහ තිසර පෙරේරා දෙදෙනාටම එකම කඩුල්ලක් හෝ දවාගත නොහැකි විය. මේ තිදෙනාම ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායකයෝ වෙති. එහෙත් තරුණයන් සාර්ථක වූ අතර සිය මංගල එක්දින තරගයට සහාගි වූ ඕෂධ ප්‍රනාන්දු අලංකාර පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 49 ක් ලබාගත් නමුත් දුවද්දී දැවී ගියේය.
එබැවින් හෙට තරගයේදී සියලු දෙනාගේ දෑස් රැඳී ඇත්තේ ජ්‍යෙෂ්ඨයන් වෙතය.
හෙට තරගය පැවැත්වෙන සෙන්චූරියන් පිටිය වේග පන්දු යවන්නන්ට තරමක වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රචලිතව ඇති බැවින් ජොහැන්නස්බර්ග්හිදී පැවැති තරග උපක්‍රම අපේක්‍ෂා කළ නොහැක. තරගය දිවා/රාත්‍රී තරගයක් වන බැවින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30 ට තරගය ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.