Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජීත් - ටොම් - කේන් නවසීලන්තය ඔසවා තබති

ජීත් - ටොම් - කේන් නවසීලන්තය ඔසවා තබති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්තය අතර හැමිල්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 451 ක් රැස්කර සිටියේය. ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 217 ක් ඉදිරියෙන් සිටීමට මේ වනවිට නවසීලන්තය සමත්වී ඇත.

නායක කේන් විලියම්සන් ලකුණු 93 ක් සහ නීල් වෝනර් ලකුණක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
සාර්ථක ආරම්භයක් ලබාගත් ජීත් රාවල් සහ ටොම් ලැතම් ශතක ලබාගනිමින් නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 254 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

සිවුවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කේන් විලියම්සන් සහ හෙන්රි නිකෝල්ස් සමත්වූහ.

17 වැනි ටෙස්ට් තරගයට සහභාගීවන ජීත් රාවල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට අද සමත්විය. පන්දු 220 කට මුහුණදෙමින් මිනිත්තු 308 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ජීත් රාවල් ලකුණු 132 ක් රැස්කර සිටියදී මහමුදුල්ලාගේ පන්දුවක් හමුවේ ඛලීඞ් අහ්මඞ් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 19 කින් අලංකාර විය

අද දින අනෙක් ශතක ලාභියාවූ ටොම් ලැතම් සිය නමවැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්විය. පන්දු 248 කදී ලකුණු 161 ක් රැස්කළ ටොම් ලැතම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය. සෞම්‍ය සර්කාර්ගේ පන්දුවක් හමුවේ මොහොමඞ් මිතුන් අතර උඩපන්දුවක් දෙමින් ලැතම් දැවීයන විට මිනිත්තු 368 ක් පුරා කඩුල්ලේ රැඳී සිටියේය.

සෞම්‍ය සර්කාර් කඩුලු 2 ක් දවාගත්තද පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත් බංග්ලාදේශ නායකයාට නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කිරිමට නොහැකි විය.


බංග්ලාදේශ පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලුදෙනා දැවී 234
(ටමීම් ඉක්බාල් 126, ශද්මන් ඉස්ලාම් 24, මහමුදුල්ලා 22, ලිටන් දාස් 29, නීල් වෝනර් 47/5, ටිම් සවුති 76/3)

නවසීලන්ත පළමු ඉනිම - ඕවර 118 කදී කඩුලු 4 ක් දැවී 451
(ජීත් රාවල් 132, ටොම් ලැතම් 161, කේන් විලියම්සන් නොදැවී 93, හෙන්රි නිකෝල්ස් 53, සෞම්‍ය සර්කාර් 57/2)

 


අදහස් (0)

ජීත් - ටොම් - කේන් නවසීලන්තය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.