Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් ලබන 9 වැනිදා දකුණු අප‍්‍රිකාව සමග ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි:20 ක‍්‍රිකට් තරගාවලියෙන් විවේක ගන්වා ඇත. බංග්ලාදේශය්දී ලබන 16 වැනිදා ආම්භ වන විස්සයි:20 ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මිචෙල් ජොන්සන්ව විවේක ගන්වා නැවත සිය රට වෙත පිටත්කර යවා තිබේ.
”මිචෙල් එක දිගට තරගාවලි කිහිපයකට සහභාගි වෙලා වෙහසට පත්ව සිටිනවා. ඒ නිසා අපි ඔහුගේ යහපත වෙනුවෙන් දකුණු අප‍්‍රිකානු විස්සයි විස්ස තරගාවලියේදී විවේක ගැන්නුවා”
”ඔහුට ලැබෙන කෙටි විවේකයෙන් පවුලේ අය සමග සතුටින් ගත කර නැවත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශයේදී සහභාගි වෙනවා.” යනුවෙන් ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරු ඩැරන් ලීමන් පවසයි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාවේ පළමු තරගය මෙම 23 වැනිදා පකිස්තානය සමගින් ඩාකා හිදී පැවැත්වේ. ජොන්සන් වෙනුවට දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට මොයිස් හෙන්රිකස් කැඳවා තිබේ.
දකුණු අප‍්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ඔස්ටේ‍්‍රලියාව ජය ගත් අතර එහිදී තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වූ මිචෙල් ජොන්සන් සමස්ත තරගාවලියේ ලකුණු 382 කට කඩුලූ 22 ක් බිද හෙලා තිබේ. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිමේ සිව්වැනි ස්ථානයේ සිටින ජොන්සන් ටෙස්ට් තරග 59 කදී කඩුලූ 264 ක්ද එක්දින තරග 136 කදී කඩුලූ 208 ක් සහ විස්සයි විස්ස තරග 30 කදී කඩුලූ 38 ක් දවාගෙන ඇත.
- 025
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.