Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අල්සාරි ජෝෂප්ගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 17.4 ක් අවසානයේ ලකුණු 96 කට සීමා කිරීමට අල්සාරි ජෝෂප් ප්‍රමුඛ මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ. සිය මංගල අයි.පී.එල්. තරගයට සහභාගි වූ ජෝෂප් එහිදී ලකුණු 12 කට කඩුලු 6 ක් දවාගත්තේ එදා මෙදා තුර අයි.පී.එල්. ඉතිහාසයේ පන්දු යවන්නකු දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස එය වාර්තා අතරටද එක් කරමිනි.
මින් පෙර අයි.පී.එල්. තරගයකදී පන්දු යවන්නකු දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වී තිබුණේ 2008 වසරේ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සෙහේල් තන්වීර් ලකුණු 14 කට කඩුලු 6 ක් දවාගනිමින් පිහිටුවා තිබූ වාර්තාවයි.
ජෝෂප්ට සහ තන්වීර්ට අමතරව අයි.පී.එල්. තරගයකදී කඩුලු 6 ක් දවාගැනීමට සමත්ව ඇති එකම පන්දු යවන්නා වන්නේ රේසිං පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ඇඩම් සම්පාය. ඒ 2016 වසරේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගනිමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 136 ක් ලබාගත්තේය. මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කිරන් පොලාඞ් පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් කරමින් ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක බුවනේෂ්වර් කුමාර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. හයිද්‍රාබාද් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ සිද්ධාර්ත් කෞල් 34 කට කඩුලු 2 ක් දවාගත් අතර මොහොමඞ් නබී සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 136
(ක්වින්ටින් ඩි’කොක් 19, ඉෂාන් කිෂන් 17, කිරන් පොලාඞ් නොදැවී 46, හර්දීක් පාණ්ඩ්‍යා 14, සිද්ධාර්ත් කෞල් 34/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 96
(ඬේවිඞ් වෝනර් 15, ජොනී බෙයාස්ට්‍රෝ 16, මනීෂ් පාණ්ඬේ 16, දීපක් හූඩා 20, ජෝෂප් අල්සාරි 12/6, රාහුල් චාහර් 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.