Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ජලෝ මැතිව්ස් ඉවත්වීමෙන් පසුව හිස්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකත්වයට දිනේෂ් චන්දිමාල්ද, එක්දින සහ විස්සයි20 පිලේ නායකත්වයට උපුල් තරංග ද, පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එහි සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ කරුණු දෙකක් හේතුවෙන් තමන් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
“අපේ කණ්ඩායම පසුගිය මාස කීපයේදී දස්කම් දැක්වීමට අපොහොසත් වීම එකක්. ඒ වගේම 2019 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීමට ඕනෑතරම් කල් තිබෙනවා”
“මොකද මට මීට පෙර අවස්ථා කීපයකදීත් නායකත්වයෙන් ඉවත්වීමේ අවශ්‍යතාව තිබුණා. නමුත් එය අවස්ථාව නොවන බව මට දැනුණා. මම නායකයා හැටියට කළේ කණ්ඩායමට අවශ්‍ය දේ මිස මගේ පෞද්ගලික දේවල් නොවෙයි”
“උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් ඉන්නවා. ඒ ක්‍රීඩකයන්ට මේක කරගෙන යන්න හැකියාව තියෙනවා. 2019 ලෝක කුසලානයට කණ්ඩායම හදාගන්න ඒ නාකයන්ට කාලය තියෙනවා”
“නායකයෙක් හැටියට තනි වෙන අවස්ථා වැඩියි. ඒ වගේම හැලහැම්පීම් වැඩියි. මෙම 2013 වසරේ සිට වසර හතරකට වැඩි කාලයක් නායකයා ලෙස කටයුතු කළා. නායකත්වය දරණවයි කියන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අවස්ථාව ආවම යන්න ඕනේ. බලයට කෑදරකමේ ඉඳලා වැඩක් නෑ”
“සිම්බාබ්වේ තරගාවලියේ පරාජය පෞද්ගලිකව මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි පසු බෑමක්. නායකත්වයෙන් ඉවත්වීමේ තීරණය පහසුවෙන් ගත්තු එකක් නොවෙයි” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
තුන් ඉරියව් ක්‍රීඩක 30 හැවිරිදි මැතිව්ස් ටෙස්ට් තරග 34 කදී කණ්ඩායම මෙහෙයවමින් තරග 13 ක් ජය ලබා ඇති අතර තරග 15 ක් පරාජයට පත්ව තිබේ. මැතිව්ස් එක්දින තරග 98 කදී නායකත්වය දරමින් තරග 47 ක් ජය ලබා තරග 45 ක් පරාජය වී තිබේ.
ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ තමන්ව විශ්වාස කර ටෙස්ට් පිලේ වගකීම බාරදීම පිළිබඳව නිහතමානීව සතුටු වන බවයි.
“ඇන්ජලෝ මැතිව්ස් හොඳ නායකයෙක්. අපි ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මම නායකයා හැටියට ඔහුගේ සේවය උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා” යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.
එක්දින සහ විස්සයි20 කණ්ඩායම් නායක උපුල් තරංග පැවසුවේ ශ්‍රී ලංකා පිල පසුගිය කාලයේ කණ්ඩායම එකවර කඩා වැටෙනවා, නැවතත් නැගිටිනවා වැනි දෙයක් සිදුවූ බවයි.
“කණ්ඩායමක් හැටියට අපි සමහර තරග හොඳට ක්‍රීඩා කළා. සමහර තරග හොඳට කරන්නේ නෑ. ඒත තමයි අපිට වුණේ” යැයි තරංග වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ පසුගිය වසර පමණ කාලයක් තුළ ක්‍රීඩකයන් 15 ක් 20 ක් පමණ ආබාධවලට ලක්වීමෙන් නවකයන් සංචිතයට ගෙන ඒමට සිදුවූ බවයි.
“පසුගිය වසරක පමණ කාලයක් තුළ ක්‍රීඩකයන් රැසක් ආබාධ නිසා අහිමිවුණා. කුසල් ජනිත් නැති වුණා, නුවන් ප්‍රදීප්, ඇන්ජලෝ, දික්වැල්ල, සුරංග, ඒ වගේ ගත්තොත් දිගටම කියන්න පුඵවන්. ඒ නිසා තමයි අපිට නවකයන් ගෙනාවා කියලා චෝදනාවක් ඇවිත් තියෙන්නේ. මම මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයට වාර්තාවක් බාර දුන්නා”
“කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේ උප නායකයන් පත්කළේ නෑ” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.
එළඹෙන 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා පත්කළ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් ඉවත් වීම පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය.
“අපේ ඉලක්කයක් තියෙනවා. එයට යන විට වෙනස්කම් කරන්න වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ”
ශ්‍රී ලංකාව සහ සිම්බාබවේ අතර ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.