Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ

ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවරගෙන තිබේ. එම ශූරතාවලිය 2019 වසරේ ජූලි මස 15 වැනිදා සිට 2021 වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

එහිදී සෑම රටකටම සිය රට තුළදී ටෙස්ට් තරගාවලි 3 කට සහ සිය රටෙන් පිටතදී ටෙස්ට් තරගාවලි 3 කට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. අනතුරුව එම රටවල් 9 අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් 2 අතර 2021 වසරේ ජූනි මාසයේදී ශූරතාවලියේ අවසන් මහ තරගය පැවැත්වේ.

මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිය රට තුළදී නවසීලන්තයට, එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට සිදුවන අතර සිය රටෙන් පිටතදී පාකිස්තානයට, දකුණ අප්‍රිකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.


ශ්‍රී ලංකාව සහභාගි වන තරග කාල සටහන
■    2019 වසරේ ජූලි සහ අගෝස්තු මාසවල නවසීලන්තයට එරෙහිව මෙරටදී (තරග 2 යි)
■    2019 වසරේ ඔක්තෝබර් මාසයේ පාකිස්තානයට එරෙහිව මෙරටින් පිටතදී (තරග 2 යි)
■    2020 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල එංගලන්තයට එරෙහිව මෙරටදී (තරග 2 යි)
■    2020 වසරේ ජූලි සහ අගෝස්තු මාසවල බංග්ලාදේශයට එරෙහිව මෙරටදී (තරග 3 යි)
■    2021 වසරේ ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරටින් පිටතදී (තරග 2 යි)
■    2021 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව මෙරටින් පිටතදී (තරග 2 යි)


- 036

 


අදහස් (0)

ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.