Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේදී පැවැති එක්දින තරගයකදී පන්දුවක් වැදීම නිසා පුපුරා ගිය මහපට ඇගිල්ල තවමත් නිසි පරිදි සුව වී නැති බැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.
ලෝක කුසලාන තරගාවලියට පෙර මේ මස 17 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන පළමුවැනි පුහුණු තරගයයේදී ඩිල්ෂාන් කී‍්‍රඩා කිරීමත් සැකසහිත වන අතර 19 වැනිදා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි පුහුණු තරගයට කී‍්‍රඩා කිරීම හෝ නොකිරීම මත ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.
”සියලූම කී‍්‍රඩකයන් හොඳින් දස්කම් අතර ඉන්නවා. තේරීම් කමිටුවට තරමක හිසරදයක් වුණත් ඕන කරන්නේත් ඒකම තමයි”
”එකම ප‍්‍රශ්නය ඩිල්ෂාන්ගේ මහපට ඇගිල්ල. ඒක තාමත් සම්පූර්ණයෙන්ම සුවවෙලා නෑ. ඒ ගැන ටිකක් බලන්න ඕනා”
”අපේ ඉලක්කය 19 වැනිදා පැවැත්වෙන පුහුණු තරගයයි. ඒ තරගයට ඔහුට කී‍්‍රඩා කරන්න බෑ කියන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන්න ඩිල්ෂාන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා අද (14 වැනිදා) පෙරවරුවේදී මාධ්‍යට පැවසීය.
ඩිල්ෂාන් කී‍්‍රඩා නොකරන්නේ නම් කුසල් ජනිත්ගේ සහායක ආරම්භක පිතිකරුවා ලෙසින් ළහිරු තිරිමාන්න හෝ මහේල ජයවර්ධන යෙදවිය හැකි අතර එමගින් කණ්ඩායමට අතිරේක දග පන්දු යවන්නකු එකතු කරගත හැකිය.
”මාස දෙක හමාරක් තුනක් තිස්සේ බංග්ලාදේශයේ කි‍්‍රකට් තරග පැවැත්වීම නිසා මේ වන විට තණතීරු බොහොමයක් මන්දගාමී බවට පත්වෙලායි තියෙන්නේ. ඒ නිසා දග පන්දු යැවීමේ හැකියාව තියෙන තුන් ඉරියව් කී‍්‍රඩකයෙක් වැදගත් වේවි” යයිද ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
එවන් තත්ත්වයක් යටතේ ඩිල්ෂාන්ට තරගාවලියට සහභාගි විය නොහැකි නම් ඒ ස්ථානය වමතින් දග පන්දු යවන කී‍්‍රඩක චතුරංග ද සිල්වාට හිමිවනු ඇතැයිද දැනගන්නට තිබේ.
ආසියානු කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ තරුණ කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් මහත් ප‍්‍රසාදයෙන් යුතුව අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා ඩිල්ෂාන් කී‍්‍රඩා නොකරන්නේ නම් ඒ ස්ථානය සඳහා තෝරා ගැනීමට තවත් දක්‍ෂ කී‍්‍රඩකයන් සිටින බවද පැවසීය.
මේ දක්වා විස්සයි:20 අන්තර්ජාතික තරග 55 කට සහභාගි වී සිටින ඩිල්ෂාන් ඉන් තරග 54 කදී ලකුණු 120 ක් ලබා ඇත්තේ පන්දු 100 කදී ලකුණු 120 ක් ලබාගැනීමේ ප‍්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. වි:20 අන්තර්ජාතික තරග වලදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 3 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ඩිල්ෂාන් මේ වන විට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 14 වැනි ස්ථානය හිමි පිතිකරුවාද වෙයි.
කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපතිවරයා ඉගි කරන්නේ සුළු වේදනාවක් දරාගෙන වුවද කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට ඩිල්ෂාන් ඉදිරිපත් විය හැකි බවයි.
”කි‍්‍රකට් ගහනකොට යම් යම් වේදනා දරාගෙන කී‍්‍රඩා කරන්නත් සිද්ධ වෙනවා” යයිද ජයසූරිය මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.