Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිවිලියර්ස් එක්දින පිතිකරුවන් අතර පෙරමුණේ

ඩිවිලියර්ස් එක්දින පිතිකරුවන් අතර පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒ. බී. ඩිවිලියර්ස් සමත්ව සිටියි. බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී සිය එක්දින දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (176) රැස්කිරීමට සමත් වීමත් සමග ඩිවිලියර්ස් ස්ථාන 2 ක් ඉහළට යමින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ හිමිකරගෙන තිබේ.

ඔහු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි 14 වැනි අවස්ථාව මෙයයි.

එම තරගයට පෙර තෙවැනි ස්ථානයේ රැදී සිටි ඩිවිලියර්ස්, තරගයෙන් අනතුරුව ස්ථාන 2 ක් ඉහළ යෑම නිසා එතෙක් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ සිටි ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට සහ දෙවැනි ස්ථානයේ පසු වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට දෙවැනි සහ තෙවැනි ස්ථාන දක්වා පසුබැසීමට සිදු විය.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අතරේ මේ වන විට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව 120 බැගින් සම ලකුණු ලබා සිටියද, ඉන්දියාවට වඩා ලකුණු දශම ස්ථාන කිහිපයක් ඉදිරියෙන් සිටීම නිසා දකුණු අප්‍රිකාවට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ හිමිව තිබේ. යම් හෙයකින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුවහොත් ඔවුන්ට ලකුණු 121 ක් ලබාගනිමින් ඉන්දියාව පසුකර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් පෙරමුණ තහවුරු කරගැනීමටද හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු සහ දෙවැනි තරග දෙකේදී ශතක 2 ක් ලබාගත් පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම් ශ්‍රේණිගත කිරීම් සිවුවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරගයේදී නොදැවී ලකුණු 168 ක් රැස්කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී ලකුණු 34 කට දවාගත් කඩුලු 5 ත් සමගින් පළමු එක්දින තරග තුනේදී කඩුලු 9 ක් දවාගෙන සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණ සිටියි.

මේ වන විට 23 වැනි වියේ පසුවන හසන් අලී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි පළමු අවස්ථාන මෙය වන අතර ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු 7 වැනි ස්ථානයේ පසුවිය.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින තරග තුනේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එක ලෙස දස්කම් දැක්වීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණීමට පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හෆීස් සමත්ව සිටියි.


- 036

 


අදහස් (0)

ඩිවිලියර්ස් එක්දින පිතිකරුවන් අතර පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.