Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩංගණයේදී අද (21) පැවැති පළමු පුහුණු තරගයෙන් එංගලන්ත පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 56 කින් ජය ලැබීය.
එංගලන්ත පිල ඕවර 43 කදී ලකුණු 199 ක ඉලක්කය හඹායමින් සිටියදී 25 ඕවරය අවසානයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදුවිය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව 25 වැනි ඕවරය අවසානයේ කඩුලූ දෙකක් දැවී ජයග‍්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 90 ක් පමණි.
නායක ඇලිස්ටෙයාර් කුක් (54) සහ මුයින් අලී (56) පළමු කඩුල්ලට ලකුණු 94 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පසු කළහ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වමතින් වේග පන්දු යවන යොවුන් ක‍්‍රීඩක විශ්ව ප‍්‍රනාන්දු යැවූ ඉනිමේ දෙවැනි ඕවරයේදී මුයින් අලී පිට පිටම ගැසූ හතරේ පහර හයෙන් සහ වයිඞ් පන්දුවක් සමගින් ලකුණු 25 ක් එකතු වීමත් සමග එංගලන්තයට පෙරමුණට පැමිණියේය.
ජීවන් මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල හත්වැනි කඩුල්ලට ලකුණු 76 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ඒමට සමත් වූවද එංගලන්ත පිතිකරුවන් පාලනය කරගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ට නොහැකි විය.
තේරීම් කමිටුව අත්දැකීම් ඇති දඟ පන්දු යවන්නකු සොයමින් සිටියදී ජීවන් පිතිකරුවකු ලෙස සාර්ථක වෙමින් පන්දු 55 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස් කළේය. රමිත් රඹුක්වැල්ල පන්දු 45 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරු කුසල් පෙරේරා කළකට පසුව සාර්ථක වෙමින් පන්දු 74 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා එක්දින පිලට කැදවීමට නියමිතව සිටින ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා (02) පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර ශ්‍රී ලංකා විස්සයි20 පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගියේය.
මෙහිදී එංගලන්ත පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුයින් අලී දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.
කොළඹට පසුගිය දිනවල ඇද හැලූණු වාර්ෂාව හේතුවෙන් එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ හතරේ සීමාව අසළ තරමක තෙත බරිත ස්භාවයක් පැවතීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 43 කට සීමා විය. දෙපිල අතර දෙවැනි සහ අවසන් පුහුණු තරගය හෙට (23) කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක්දින තරගය මේ මස 26 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම
කුසල් පෙරේරා - ඇ. මුයින් අලී ප. ස්ටීව් ෆින් 56
කෞෂාල් සිල්වා - ඇ. ජෝස් බට්ලර් ප. ස්ටීව් ෆින් 2
නිරෝෂන් දික්වැල්ල - ඇ. ජේම්ස් ටේරඞ්වෙල් ප. මුයින් අලී 17
දිනේෂ් චන්දිමාල් - ඇ. ඇලෙස්ටියාර් කුක් ප. මුයින් අලී 0
අෂාන් ප‍්‍රියංජන් - ඇ. ජෝස් බට්ලර් ප. බෙන් ස්ටෙකිස් 31
තිළිණ කණ්ඩම්බි - ඇ. එඔයින් මෝගන් ප. මුයින් අලී 0
ජීවන් මෙන්ඩිස් - නොදැවී 42
රමිත් රඹුක්වැල්ල - නොදැවී 30
අතිරේක 20
එකතුව ඕවර 43 කදී කඩුලූ 6 ක් දැවී 198
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු
කඩුලූ වැටීම:
1-5(කෞෂාල් සිල්වා), 2-49(නිරෝෂන් දික්වැල්ල), 3-49(දිනේෂ් චන්දිමාල්), 4-104(කුසල් පෙරේරා), 5-105(තිළිණ කණ්ඩම්බි), 6-122(අෂාන් ප‍්‍රියංජන්)
පන්දු යැවීම:
ස්ටීව් ෆින්: 8-1-43-2, ක‍්‍රිස් වොක්ස්: 8-1-20-0, ජේම්ස් ටේරඞ්වෙල්: 8-2-33-0, මුයින් අලී: 9-0-29-3, ක‍්‍රිස් ජෝර්දන්: 5-0-48-0, බෙන් ස්ටෙකිස්: 3-0-15-1, ජෝ රූට්: 2-0-7-0
එංගලන්තය
අලිසටෙයාර් කුක් - ඇ. රමිත් රඹුක්වැල්ල ප. ළහිරු ගමගේ 54
මුයින් අලී - ඇ. දුෂ්මන්ත චමීර ප. ළහිරු ගමගේ 56
ඉයන් බෙල් - නොදැවී 16
ජොස් බට්ලර් - නොදැවී 15
අතිරේක 4
එකතුව ඕවර 25 කදී කඩුලූ 2 ක් දැවී 145
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ස්ටීව් ෆින්, ක‍්‍රිස් ජෝර්දන්, එඔයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෙකිස්, ජේම්ස් ටේරඞ්වෙල්, ක‍්‍රිස් වෝක්ස්
කඩුලූ වැටීම:
1-94 (මුයින් අලී), 2-116(ඇලෙස්ටියාර් කුක්)
පන්දු යැවීම:
ළහිරු ගමගේ: 7-1-36-2, විශ්ව ප‍්‍රනාන්දු: 1-0-25-0, රමිත් රඹුක්වැල්ල: 5-0-29-0, අෂාන් ප‍්‍රියංජන්: 4-0-22-0, දුෂ්මන්ත චමීර: 5-0-18-0, ජීවන් මෙන්ඩිස්: 3-0-15-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.