Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මහනාම විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 13 වැනි ‘රන් සටන’ මහා ක්‍රිකට් තරගය අද (30 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඩී.එස්. සේනානායක විදුහල කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා සිටි අතර ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි අමිත දාබරේ ලකුණු 50 ක් ලබා සිටියේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ඩී.එස්. සේනානායක විදුහලට නැවත වරක් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී පවන්ත වීරසිංහ ලකුණු 46 ක්ද, සොනාල් ගමගේ ලකුණු 40 ක්ද බැගින් රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. සේනානායක විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 244 ක් රැස්කළ අතර එහිදී ශනෙල් බාස්කරන් (66) සහ සඳරු වික්‍රමරත්න (56) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ඩී.එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 84.2 කදී කඩුලු 9 ක් දැවී 244
(ශනෙල් බාස්කරන් 66, සඳරු වික්‍රමරත්න 56, මනිඳු ජයතිලක, 38, අමිත දාබරේ 36, ළහිරු විතාන 52/3, සොනාල් ගමගේ 56/2)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 82.3 කදී කඩුලු 9 ක් දැවී 196
(පවන්ත වීරසිංහ 46, සොනාල් ගමගේ 40, පැතුම් බොතේජු 25, පසිඳු ආදිත්‍ය 45/3)
ඩී.එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 19.3 කදී කඩුල්ලක් දැවී 90
(අමිත දාබරේ නොදැවී 50, අබිෂේක් ලියනාරච්චි 30)
- 100
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.