Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ විස්සයි 20 ලෝක කණ්ඩායම අතර ලෝඞ්ස්හිදී ඊයේ (31) පැවති ආධාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ. පසුගිය වසර අග භාගයේ කැරිබියන් දූපත් හරහා ඇදී ආ ‘ඉර්මා‘ හා ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කැරිබියානු දූපත් සමූහයට අයත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් මෙම තරගය පැවැත්විණ.
ලෝක කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පන්දු 37 කින් ලකුණු 61 ක් ලබාගත් නමුත් කොදෙව්වන්ගේ අභියෝගය අසළට පැමිණීමට ලෝක කණ්ඩායම අපොහොසත් විය.
ලකුණු 200 ක ඉලක්කයක් කරා යමින් සිටි ලෝක කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් සිවුවැනි ඕවරයේදී බිඳ වැටෙන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 8 ක් පමණි. ඒ වන විටත් පිටියේ සිටි තිසර පෙරේරාට පාකිස්තානයේ හිටපු නායකයා වූ ෂොයිබ් මලික් එක්විය. එහෙත් පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පැවැතියේද ලකුණු 45 ක් දක්වා පමණි.
අෆ්රීඩි සහ තිසර පෙරේරා වෙත රැඳවුණු බලාපොරොත්තු ලකුණු 93 දී බිඳ වැටීමෙන් පසුව තිසර පිටියේ තනිවිය. එතැන් සිට පන්දු 46 කින් ලකුණු 107 ක් ලබාගත යුතු වූවත් කොදෙව්වන්ට එරෙහිව ප්‍රතිරෝධය පැවැතියේ සුළු වේලාවක් පමණි. සියල්ල ලකුණු 127 දී නිමාවට පත්විය.
කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ක්‍රිස් ගේල් සහ එවින් ලුවිස් පළමු කඩුල්ල සඳහා ලකුණු 75ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ එවින් ලුවිස් පන්දු 26 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 58ක් රැස් කළේය. මාලන් සැමුවෙල් පන්දු පන්දු 22 කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 43 ක් රැස් කරද්දී, දිනේෂ් රැම්ඩීන් පන්දු 25කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 44ක් රැස් කරමින් කොදෙව් ඉණිම ශක්තිමත් කළේය.
අවසන් ඕවර කිහිපය තුළදී පිටියට පිවිසි ඔන්ඩි්‍ර රසල් පන්දු 10 කදී හයේ පහර 3ක් සමග ලකුණු 21 ක් රැස් කලේය.
කොදෙව් කණ්ඩායමේ කෙස්රික් විලියම්ස් ලකුණු 41කට කඩුලු 3ක් බිද හෙලද්දී, සැමුවෙල් බඞ්රී සහ ඇන්ඩෘ රසල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.