Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිරිමාන්නට - සධීරට තව අවස්ථාව ඕනා

තිරිමාන්නට - සධීරට තව අවස්ථාව ඕනා

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්ත සංචාරය වෙනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17 දෙනා දක්වා දිගු කළේ සැලකිල්ලට ලක්වීමෙන් ඈත්ව සිටි සධීර සමරවික්‍රම සහ ළහිරු තිරිමාන්න දෙදෙනාට අවස්ථාවක් දීමට බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයන් වීමේ හැකියාව ඔවුන් දෙදෙනාටම තියෙනවා” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අසන්ත ද මැල් මහතා පැවසීය.

මේ වන විට 23 හැවිරිදි වියේ සිටින සධීර සමරවික්‍රමගේ විශිෂ්ට හැකියාවන් කලකට ඉහතදීම හඳුනාගෙන තිබිණ. එහෙත් ඔහුට ටෙස්ට් තරග වලදී සාධාරණ අවස්ථාවක් දී නොතිබිණ. වසරකට ඉහත ඩුබායිහිදී සිය පළමු ටෙස්ට තරගයට සහභාගි වූ සමරවික්‍රම මාස 15 ක කාලයක් ඇතුළත සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 4 කට පමණි. එහෙත් එම තරගවලදී අපේක්‍ෂිත දස්කම් දැක්වීමට ඔහු අපොහොසත් වී තිබේ.

කලකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ඉදිරිපෙළ ක්‍රීඩකයකු වූ ළහිරු තිරිමාන්න පසුගිය කාලයේදී සිය අපේක්‍ෂිත දස්කම් වලින් බැහැරව සිටියේය. එහෙත් අසන්ත ද මැල් මහතාගේ අදහස ඔහු විශේෂ යමක් කළ හැකි ක්‍රීඩකයකු බවයි.

“එයාට හොඳ දක්ෂතාවත් තිබුණා වුණත් පසුගිය කාලයේදී එයාව නොසලකා හැර තිබුණා. ඇත්ත, එයා පසුගිය කාලයේදී එක දිගටම දක්‍ෂතා පවත්වා ගත්තේ නෑ තමයි. ඒත් එයා වගේ කෙනෙකුට දිගින් දිගටම අවස්ථව දෙන්න ඕනා” යයි අසන්ත ද මැල් මහතා පැවසීය.

ටෙස්ට් තරග 29 කට සහභාගි වී ඇති තිරිමාන්නගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 23.06 කි. ලබාගෙන ඇත එකම ශතකයද බංග්ලාදේශ පිලට එරෙහිවය. එසේ වුවත් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලදී ඔහුගෙන් වඩාත් හොඳ සේවයක් ලබාගත හැකිය යන්න තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා වශයෙන් පත්කර ඇති දිමුත් කරුණාරත්න ක්‍රිකට් බුද්ධිය අතින් ඉහළ මට්ටමේ ක්‍රීඩකයකු බවද තේරීම් කමිටු සභාපතිවරයා කියයි.

“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්ක ඉන්න අනෙක් අයත් දියුණු වෙනවා”
“වඩාත් අසීරු තත්ත්වයන් යටතේ ඔහුගේ පිතිහරඹය ඉතාම හොඳයි. නවසීලන්තයේදීත් ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යාවි කියා අප බලාපොරොත්තු වෙනවා” යයිද අසන්ත ද මැල් මහතා පැවසීය.


අදහස් (1)

තිරිමාන්නට - සධීරට තව අවස්ථාව ඕනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.