Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තබ්‍රේස් ශම්සි නැවත දකුණු අප්‍රිකාවට යයි

තබ්‍රේස් ශම්සි නැවත දකුණු අප්‍රිකාවට යයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙරට තරග සංචාරයක නිරතව සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ චයිනමන් දඟ පන්දුයවන ක්‍රීඩක තබ්‍රේස් ශම්සි සිය පෞද්ගලික හේතුවක් මත නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 91 කට කඩුලු 3 ක් දවාගත් ශම්සිට දෙවැනි ඉනිමේදී ලකුණු 37 කට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. එම තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 278 ක පරාජයක් අත්විය.

ශම්සි අමරතව කේෂව් මහරාජ් සහ ෂෝන් වොන් බර්ග්ද දඟ පන්දු යවන්නන් ලෙස දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත්ව සිටියහ. ශම්සි නැවත සිය දකුණු අප්‍රිකාව බලා යෑම හේතුවෙන් තමවමත් ටෙස්ට් වරම් දිනා නොමැති වොන් බර්ග්ට කොළඹදී මේ මස 20 වැනිදා ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එක්වීමේ අවස්ථාවක් පවතී.

මේ දක්වා පළමු පෙළ තරග 96 කට ක්‍රීඩා කර ඇති වොන් බර්ග්, එහිදී කඩුලු 345 ක් බිඳහෙළීමට සමත්ව සිටියි. එහි සාමාන්‍යය 28.31 ක අගයක් ගනී.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වොන් බර්ග් තෝරාගැනීමේදී ඔහුට පන්දුයැවීමට අමතරව පන්දුවට පහරදීමේ ඇති හැකියාව පිළිබඳවද වැඩි අවධානයක් යොමුකළ බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුවේ කැඳවුම්කරු ලින්ඩා සොන්ඩි පැවසීය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ

- 036


අදහස් (0)

තබ්‍රේස් ශම්සි නැවත දකුණු අප්‍රිකාවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.