Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරිඳුගේ පන්දු යැවීම එස්.එස්.සී පිලට ජය ගෙනෙයි

තරිඳුගේ පන්දු යැවීම එස්.එස්.සී පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරිඳු රත්නායකගේ (75/7 සහ 50/7) විශිෂ්ට පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ යටතේ පැවැති සිංහල ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රීඩා සමාජය අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 112 කින් ජයගැනීමට සිංහල ක්‍රීඩා සමාජය අද (2 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. පිල එක් අවස්ථාවකදී කඩුලු 3 කට ලකුණු 118 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක පසුවිය. නමුත් තරිඳු රත්නායකගේ පන්දු යැවීම හමුවේ සී.සී.සී. පිලේ අවසන් කඩුලු 7 ලකුණු 19 ක් තුළ දැවී ගියේය.

‘ඒ’ ශ්‍රේණියේ යටතේ තවත් තරග 5 ක් කටුනායක මේරියන්ස්, මග්ගොන සරේ, ආර්.ප්‍රේමදාස, එන්.සී.සී, කෝල්ට්ස් යන ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එම තරග වලදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට ද්‍රවිඩ සංගමය, බී.ආර්.සී, මූවර්ස්, රාගම සහ සැරසන්ස් කණ්ඩායම් සමත්වූහ.

මෙම සති අන්තයේදී අවසන්වූ තරග වලදී ද්‍රවිඩ සංගම් පිලේ සචිත්‍ර සේරසිංහ (112) සහ කිත්රුවන් විතානගේ (105), එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා (123), සැරසන්ස් පිලේ අෂේන් බණ්ඩාර (106), බි.ආර්.සී පිලේ හෂේන් රාමනායක (110) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

එස්.එස්.සී පිලේ තරිඳු රත්නායකගේ (75/7 සහ 50/7), සී.සී.සී පිලේ ලක්ෂාන් සඳකැන් (58/6), ද්‍රවිඩ සංගම් පිලේ රමිත රඹුක්වැල්ල (54/5), බි.ආර්.සී පිලේ මොහොමඞ් ශිරාස් (44/5) කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

එස්.එස්.සී. පළමු ඉනිම - ඕවර 63 කදී සියලුදෙනා දැවී ලකුණු 229
(ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 41, සඳුන් වීරක්කොඩි 35, සම්මු අෂාන් 22, සචිත්‍ර සේනානායක 32, තරිඳු රත්නායක නොදැවී 20, ලක්ෂාන් සඳකැන් 58/6, ළහිරු ගමගේ 27/2)

සී.සී.සී. පළමු ඉනිම - ඕවර 83 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(රොන් චන්ද්‍රගුප්ත 21, ලසිත් අබේරත්න 92, වනිඳු හසරංග 28, ළහිරු මදුසංක නොදැවී 32, තරිඳු රත්නායක 75/7, නුවන් ප්‍රදීප් 30/2)

එස්.එස්.සී. දෙවැනි ඉනිම - ඕවර 53.1 කදී සියලුදෙනා දැවී ලකුණු 245
(කෞෂාල් සිල්වා 35, සඳුන් වීරක්කොඩි 47, සම්මු අෂාන් 65, තරිඳු රත්නායක 35, අෂාන් ප්‍රියංජන් 67/4, ලක්ෂාන් සඳකැන් 76/4, සොනාල් දිනූෂ 34/2)

සී.සී.සී. දෙවැනි ඉනිම - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(සොනාල් දිනූෂ 59, ලසිත් අබේරත්න 47, තරිඳු රත්නායක 50/7, ධනුෂ්ක ගුණතිලක 20/2)

 

හලාවත මේරියන්ස් සහ ද්‍රවිඩ සංගමය අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්

හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(හර්ෂ කුරේ 68, යශෝධ ලංකා 48, තික්ෂිල ද සිල්වා 28, ඉමේෂ් විමුක්ති 28, රමිත රඹුක්වැල්ල 54/5)

ද්‍රවිඩ සංගමය  පළමු ඉනිම - ඕවර 106.4 කදී සියලුදෙනා දැවී ලකුණු 390
(සචිත්‍ර සේරසිංහ 112, කිත්රුවන් විතානගේ 105, ළහිරු මිලන්ත 53, කමිඳු මෙන්ඩිස් 45, නිමේෂ් විමුක්ති 61/4, රොෂාන් ජයතිස්ස 114/2, තික්ෂිල ද සිල්වා 73/2)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - ඕවර 74 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 251
(හර්ෂ කුරේ 39, ඕෂද ප්‍රනාන්දු 38, යශෝධ ලංකා 29, ආර්.ගෝමස් 28, නිමේෂ් විමුක්ති නොදැවී 38, නිසල් ෆ්‍රැන්සිස්කෝ 21, කමිඳු මෙන්ඩිස් 47/2, රමිත රඹුක්වැල්ල 58/3)


බදුරලිය සහ බී.ආර්.සී අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. පිලට පළමු ඉනිමේ ජයක්

බදුරලිය පළමු ඉනිම - ඕවර 84 කදී සියලුදෙනා දැවී ලකුණු 258
(නදීර නාවල 57, සුබ්‍රමනියම් ආනන්ද් 65, කෝසල කුලසේකර 34, සචිත් පතිරණ 38, මොහොමඞ් ශිරාස් 44/5, හෂේන් රාමනායක 26/2, දුවිඳු තිලකරත්න 62/2)

බී.ආර්.සී පළමු ඉනිම - ඕවර 109.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 449
(දේශාන් ඩයස් 48, තිලකරත්න සම්පත් 28, භානුක රාජපක්ෂ 33, රුමේෂ් බුද්ධික 95, හෂේන් රාමනායක 110, ප්‍රවීනාත් විජේසූරිය නොදැවී 123, සචිත් පතිරණ 143/3, රිස්වාන් හේඩර් 55/2)

බදුරලිය දෙවැනි ඉනිම - ඕවර 73 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 164
(නදීර නාවල 76, සුබ්‍රමනියම් ආනන්ද් 25, තිලකරත්න සම්පත් 39/3, දුවිඳු තිලකරත්න 44/3)


වරාය අධිකාරිය සහ මූවර්ස් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

මූවර්ස් පිලට පළමු ඉනිමේ ජයක්

මූවර්ස් පළමු ඉනිම - ඕවර 91.5 කදී සියලුදෙනා දැවී ලකුණු 320
(ඉරෝෂ් සමරසූරිය 51, පබසර වඩුගේ 42, අදීෂ තිලංචන 20, චාමර සිල්වා 87, රමේෂ් මෙන්ඩිස් 49, තරිඳු කෞෂාල් 22, චමින්ද බණ්ඩාර 82/4, චානක කොමසාරූ 105/3, චානක වීරසිංහ 62/2)

වරාය අධිකාරිය පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(රමේෂ් නිමන්ත 25, අදීෂ නානායක්කාර 30, රනේෂ් පෙරේරා 29, තරිඳු කෞෂාල් 40/4, මලිත් ද සිල්වා 45/2)

වරාය අධිකාරිය දෙවැනි ඉනිම - ඕවර 68 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 165
(යොහාන් ද සිල්වා 59, ගයාන් මනීෂාන් නොදැවී 29, අදීෂ නානායක්කාර නොදැවී 58, මලිත් ද සිල්වා 52/2)


රාගම සහ එන්.සී.සී අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

රාගමට පළමු ඉනිමේ ජයක්

එන්.සී.සී පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලුදෙනා දැවී ලකුණු 272
(මහේල උඩවත්ත 24, ඇන්ජලෝ පෙරේරා 123, චාමික කරුණාරත්න 38, සචින්ත පිරීස් 25, ඉෂාන් ජයරත්න 73/4, අමිල අපෝන්සු 93/3, නිෂාන් පිරීස් 62/2)

රාගම පළමු ඉනිම - ඕවර 114 කදී සියලුදෙනා දැවී ලකුණු 377
(ශෙහාන් ප්‍රනාන්දු 33, ළහිරු තිරිමාන්න 53, සුපේෂල ජයතිලක 25, සමින්ද ප්‍රනාන්දු 43, සමීර ද සොයිසා 70, ඉෂාන් ජයරත්න 99, සචින්ත පිරීස් 96/4, චතුරංග ද සිල්වා 111/2)

එන්.සී.සී දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 137
(හසිත බෝයගොඩ 51, දිනේෂ් චන්දිමාල් 23, මහේල උඩවත්ත 39, අමිල අපෝන්සු 48/4)


කොල්ට්ස් සහ සැරසන්ස් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්

සැරසන්ස් පළමු ඉනිම - ඕවර 108.2 කදී සියලුදෙනා දැවී ලකුණු 316
(මිලින්ද සිරිවර්ධන 70, අෂේන් බණ්ඩාර 106, සාලිය සමන් 79, සචිත්‍ර පෙරේරා 30, කවිශ්ක අංජුල 68/3, ජෙහාන් ඩැනියල් 39/2, නිසල තාරක 74/2)

කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 72 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(අවිශ්ක ප්‍රනාන්දු 23, සධිර සමරවික්‍රම 64, ප්‍රියමාල් පෙරේරා 20, ජෙහාන් ඩැනියල් 29, විශාද් රංදික නොදැවී 31, චලන ද සිල්වා 22)

සැරසන්ස් දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 145
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 40, නිපුන් කරුණානායක 57, අෂේන් බණ්ඩාර නොදැවී 27, නිසල තාරක 25/3, අකිල ධනංජය 58/3)

කෝල්ට්ස් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 56
(නිසල තාරක නොදැවී 25, මොහොමඞ් දිල්ෂාඞ් 06/2)

 


අදහස් (0)

තරිඳුගේ පන්දු යැවීම එස්.එස්.සී පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.