Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරංග - ධනුෂ්ක ෂිලාත් පිල දිනවති

තරංග - ධනුෂ්ක ෂිලාත් පිල දිනවති

Nisanka Sandeepani - 2017 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සහ රාජෂාහි කිංග්ස් කණ්ඩායම අතර ෂිලාත්හිදී ඊයේ (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සමත් විය. එය ෂිලාත් කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණයද විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය රාජෂාහි කිංග්ස් කණ්ඩායමට අබූල් අහස් සහ ලයාම් ප්ලන්කට් ප්‍රමුඛ ෂිලාත් පන්දු යවන්නන් හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ අබූල් අහස් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, ලියෑම් ප්ලන්කට් ලකුණු 29 කට කඩුලු 3 ක්ද බිඳ දමමින් රාජෂාහි කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.  

රාජෂාහි කිංග්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ලුක් රයිට් පන්දු 39 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. මැද පෙළ පිතිකරු ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් පන්දු 23 කදී ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහදුන් ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 101 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට උපුල් තරංග (50) සහ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (48) සමත් වූහ.

පන්දු 37 කදී වාර්තා වූ තරංගගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත වූ අතර පන්දු 30 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. තරංග මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය විය. 

ෂිලාත් සික්සර්ස් ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව දක්වා ඔසවා තැබීය.

ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රොස් වයිට්ලි පන්දු 12 කදී නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. 

ෂිලාත් සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 205 

(උපුල් තරංග 50, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 48, සබීර් රෙහෙමාන් 16, ධනුෂ්ක ගුණතිලක 42, රොස් වයිට්ලි නොදැවී 25, කෙස්රික් විලියම්ස් 39/2) 

රාජෂාහි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 172  

(ලුක් රයිට් 56, මොමිනුල් හක් 24, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 35, ෆර්හද් රාසා නොදැවී 15, අබූල් අහස් 22/3, ලයාම් ප්ලන්කට් 29/3) 

- 036 

 


අදහස් (0)

තරංග - ධනුෂ්ක ෂිලාත් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.