Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උපුල් තරංගගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 90 ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට අකිල ධනංජය සහ ළහිරු මධුෂංක ප්‍රමුඛ කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත් අතර ළහිරු ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
ගාල්ල කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම (කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දිමුත් කරුණාරත්න) ලකුණ බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගිය අතර සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වාටද රැස්කර ගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි. මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳ දැමීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර චතුරංග ද සිල්වාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ නිරෝෂන් දික්වැල්ල දුවද්දී දැවි ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදීය.
දිමුත්ගේ දැවී යෑමත් සමග ලකුණු 5 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ පෙරේරා, පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 54 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන යෑමට මහත් උත්සාහයක් දැරීය. එහෙත් අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ සම්මු අශාන් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ දැවී යෑමත් සමග ගාල්ල කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වී ගියේය.
ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ළහිරු මධුෂංක අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 25 කට මුහුණදී සිටි අසේල ගුණරත්නට එහිදී හයේ පහරක් සමග රැස්කරගත හැකිව තිබුණේ ලකුණු 18 ක් පමණි. ගාල්ල ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 17 ක් තුළ දවාගැනීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූ අතර ඉන් කඩුලු 2 කටම හිමිකම් කීමට අකිල ධනංජය සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ උපුල් තරංග, පන්දු 67 කදී නොදැවී ලකුණු 124 ක් රැස්කළේ හයේ පහර 11 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තරංග, ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට පිටිය පුරා රිසි සේ පහරදෙමින් වේගයෙන් ලකුණු රැස්කළේය.
සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 4 කට පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිත සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ සහායද ඇතිවය. ඉන් අනතුරුව මහේල උඩවත්ත (9) සහ සම්මු අශාන්ද (1) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළ නිෂාන් පීරිස්, ලකුණු 34 කට කඩුලු 3 ක් ලෙස කොළඹ කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය.
කෙසේ වුවත් පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය (22) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ උපුල් තරංග, කඩා වැටෙමින් තිබූ කොළඹ ඉනිමට නව ජවයක් එක් කළේය. පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු රැස්කරමින් සිටි ජයසූරිය පිටියෙන් ඉවත් කළ සුරංග ලක්මාල් එම සම්බන්ධතාවට තිත තැබීය.
ඉන් අනතුරුව පිටියට පිවිසි චතුරංග ද සිල්වාට වැඩි වේලාවක් පිටියේ රැදි සිටීමට කසුන් රාජිත ඉඩක් ලබා නොදුන් අතර අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට චතුරංග ලබා සිටියේ ලකුණු 3 ක් පමණි.
චතුරංගගේ නික්ම යෑමෙන් පසු උපුල් තරංග සමග එක්වූ ජීවන් මෙන්ඩිස් (30), හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ආසන්නයටම රැගෙන ගියේය. පන්දු 13 කට මුහුණදුන් මෙන්ඩිස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.