Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරංගගේ පිතිහරඹය ෂිලාත් පිලට ජය ගෙනෙයි

තරංගගේ පිතිහරඹය ෂිලාත් පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සහ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අතර ෂිලාත්හිදී ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය ෂිලාත් සික්සර්ස් ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ උපුල් තරංග ෂිලාත් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. එය ඔහු මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් දෙවැනි අර්ධ ශතකයද විය.

ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (36) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 73 ක වේගවත් සමබන්ධතාවක්ද ගොඩනැගූ තරංග, ෂිලාත් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පන්දු 29 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ මාලන් සැමුවෙල් පන්දු 47 කදී ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කොමිලා ඉනිම ගොඩනැගීම සඳහා සැමුවෙල්ස්ට අනගි සහායක් දුන් ලිටන් දාස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක්ද, ආලෝක් කපාලි හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක්ද රැස්කළහ.

එහිදී ක්‍රිෂ්මර් සැන්ටෝකි සහ තයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් ෂිලාත් සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 145
(ලිටන් දාස් 21, ඉම්රුල් කේයස් 12, මාලන් සැමුවෙල්ස් 60, ආලෝක් කපාලි 26, තයිජුල් ඉස්ලාම් 22/2, ක්‍රිෂ්මර් සැන්ටෝකි 30/2)

ෂිලාත් සික්සර්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 6 කට 148
(උපුල් තරංග 51, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 36, නසිර් හුසේන් 18, ඞ්වෙන් බ්‍රාවෝ 34/2)


- 036

 


අදහස් (0)

තරංගගේ පිතිහරඹය ෂිලාත් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.