Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ද. අප්‍රිකානු නැඟීඑන පිල 216 යි

ද. අප්‍රිකානු නැඟීඑන පිල 216 යි

ශනුක අරවින්ද - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල සහ සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල අතර සිවුදින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ දෙවැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිලේ පළමු ඉනිම ලකුණු 216 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා නැඟීඑන පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 69 ක් රැස්කර සිටියේය. ඒ වන විට පැතුම් නිස්සංක නොදැවී ලකුණු 4 ක් රැස්කර සිටියේය.

ශ්‍රී ලංකා නැඟීඑන පිලේ ජ්‍යෙෂ්ඨතම සහ ටෙස්ට් පිතිකරුවකු වන සදීර සමරවික්‍රම (25) දිනයේ අවසන් ඕවරයේ 5 වැනි පන්දුවට ඉදිරියට පැමිණ පහරක් ගැසීමට ගොස් ස්ටම්ප් කිරීමට හසුව දැවී යෑම අනුමත කළ නොහැක.   

නායක කෞෂාල් සිල්වා පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් රැස්කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  
ඊතාන් බොස්ච්, ගලී ස්ථානයේ පන්දු රකිමින් රැකගත් අනගි උඩපන්දුව හමුවේ ළහිරු මිලන්තගේ ඉනිම අනපේක්‍ෂිත ලෙස ලකුණු 5 කට සීමාවිය.

ශ්‍රී ලංකා යොවුන් දකුණතින් දඟ පන්දු යවන කමිඳු මෙන්ඩිස් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් දකුණු අප්‍රිකානු පළමු ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

ග්‍රෙගරි මලොක්වානා (29) සහ නන්ද්‍රි බර්ගර් (31) නවවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 54 ක සම්බන්ධතාවයෙන් දකුණු අප්‍රිකානු පිලට ලකුණු 200 සීමාව පසු කිරීමේ අවස්ථාව උදාවිය.

දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිලේ හිටපු ආසන්නතම නායකයා වන රේනාඞ් වෑන් ටොන්ඩර් ලකුණු 20 ක් ලබා දිවා විවේකයෙන් පසු පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කමිඳු මෙන්ඩිස් ගුවනට මුසුකළ පන්දුවේ දඟ කැවීමට එරෙහිව පහර ගැසීමට ගොස් කාගිසෝ රපුලානා (23) දැවී යෑමෙන් දිවා විවේකයට ක්‍රීඩාව අත්හිටුවන විට දකුණු අප්‍රිකානු පිල කඩුලු 3 ක් දැවී ලකුණු 87 ක් රැස්කර සිටියේය.

රයන් රිකල්ටන් හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියදී නිසල තාරකගේ ඉහළ නැඟි පන්දුවකට එක්දින තරගයකට සුදුසු පහරක ගැසීමට ගොස් තර්ඞ්මෑන් ස්ථානයට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය. රිකල්ටන් පන්දු 58 කදී හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 51 ක් රැස්කළේය.රයන් රිකල්ටන් සහ කාගිසෝ රාපුලානා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොනැගුණි.

දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුල්ල ලෙස නායක ටෝනි ඩී සෝසි ලකුණු 3 ක් ලබා සිටියදී ළහිරු ගමගේ හමුවේ දැවී ගියේය. දකුණු අප්‍රිකානු පිලේ නායක ටෝනි ඩී සෝසි කාසියේ වාසය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම සහ ළහිරු මිලන්ත මෙම මෙම තරගයට කැඳවා සිටිති. පළමු තරගයට සහභාගි වූ මෙම තරගයේ ද සංචිතයට ඇතුළත්ව සිටින මාධව වර්ණපුර සහ චාමික කරුණාරත්නට ස්ථාන අහිමිවූහ.  

දකුණු අප්‍රිකානු පිලේ වෙනස්කම් තුනක් කරමින් ෂිපාන්ග් දිතෝලි, ඔන්කි යාකු සහ ජුනයිඞ් ඩාවුඞ් යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවෙමින් ජෙවෙෂාන් පිල්ලෙයි, මන්ගාලිසෝ න්ලිබිලා සහ ග්‍රෙගරි මලොක්වානා තරගයට කැඳවා සිටිති. 

ලකුණු පුවරුව

දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම

රයන් රිකල්ටන් - ඇ. නිස්සංක ප. තාරක    51
ටෝනි ඩී සෝසි - ප. ළහිරු ගමගේ    3
කාගිසෝ රපුලානා - ඇ. සදීර ප. කමිඳු    23
රේනාඞ් වෑන් ටොන්ඩර් - ක. මූ. කළා ප. ළහිරු ගමගේ    20
මැතිව් බි්‍රටිෂ්කි - ප. වැන්ඩසේ    18
ජෙවෙෂාන් පිල්ලෙයි - ඇ. සදීර ප. බිනුර    3
ඊතාන් බොස්ච් - ඇ. සම්මු ප. තාරක    18
මන්ගාලිසෝ න්ලිබිලා - ක. මූ. කළා ප. කමිඳු    2
ග්‍රෙගරි මලොක්වානා - ඇ. අසලංක ප. කමිඳු    29
නන්ද්‍රි බර්ගර් - ප. කමිඳු    31
ලුතෝ සිපම්ලා - නොදැවී    9
අතිරේක    9
එකතුව ඕවර 64.3 කදී සියලු දෙනා දැවී     216

කඩුලු වැටීම:
1-18(සෝසි), 2-67(රිකල්ටන්), 3-87(රපුලානා), 4-104(ටොන්ඩර්), 5-124(පිල්ලෙයි), 6-128(බි්‍රටිෂ්කි), 7-144(බොස්ච්), 8-144(න්ලිබිලා), 9-198(බර්ගර්), 10-216(මලොක්වානා)

පන්දු යැවීම:
ළහිරු ගමගේ: 12-4-32-2, බිනුර ප්‍රනාන්දු: 12-1-46-1, නිසල තාරක: 10-136-2, ජෙෆ්රි වැන්ඩසේ: 21-4-61-1,  කමිඳු මෙන්ඩිස්: 8.3-0-32-4, සම්මු අෂාන්: 1-0-5-0

ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම

ළහිරු මිලන්ත - ඇ. බොස්ච් ප. සිපම්ලා    5
කෞෂාල් සිල්වා - ඇ. රිකස්ටන් ප. බොස්ච්    34
සදීර සමරවික්‍රම - ස්ටම්ප් රිකස්ටන් ප. මලොක්වානා     25
පැතුම් නිස්සංක - නොදැවී    4
අතිරේක    1
එකතුව ඕවර 15.5 කදී කඩුලු 3 ක් දැවී    69

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
චරිත් අසලංක, සම්මු අෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, කමිඳු මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, ළහිරු ගමගේ, නිසල තාරක

කඩුලු වැටීම:
1-6(මිලන්ත), 2-55(කෞෂාල්), 3-69(සදීර)

පන්දු යැවීම:
ලුතෝ සිපම්ලා: 5-0-26-1, නන්ද්‍රි බර්ගර්: 4-0-20-0, ග්‍රෙගරි මලොක්වානා: 3.5-0-10-1, ඊතාන් බොස්ච්: 3-0-12-1

 

 


අදහස් (0)

ද. අප්‍රිකානු නැඟීඑන පිල 216 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.