Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිමුත් - හේරත් පළමු 10 අතරට එති

දිමුත් - හේරත් පළමු 10 අතරට එති

රොෂාන් ගුණරත්න - 2018 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතරේ ලොව හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණ තිබේ. ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ලකුණු 218 ක් ලබාගත් දිමුත් කරුණාරත්න දැවී ගියේ එක ඉනිමකදී පමණි. 

ඒ පළමු ඉනිමේ නොදවී ලකුණු 158 ලබාගත් දිමුත් දෙවැනි ඉනිමේ ලකුණු 60ක් ලබා ගත් අතර ටෙස්ට් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය ලබාගත්තේ ප්‍රසාද ලකුණු 720 ක් හිමිකර ගනිමිනි. ටෙස්ට් තරග 50 කට සහභාගී වී ඇති දිමුත් ශතක 8ක් සහ අර්ධ ශතක 15 ක් සමගින් ටෙස්ට් ලකුණු 3404 ලබා ගෙන ඇත.

 දිමුත්ට වඩා  ප්‍රසාද ලකුණු 20 ඉදිරියෙන් සිටින දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානයේ  පසුවෙයි. 
කුසල් මෙන්ඩිස් (19), ඇන්ජලෝ මැතිව්ස් (29), නිරෝෂන් දික්වැල්ල (36), ධනංජය ද සිල්වා(47), කෞෂාල් සිල්වා (74),  රොෂේන් සිල්වා (76), කුසල් පෙරේරා (87), ඩිල්රුවන් පෙරේරා (89), සහ අසේල ගුණරත්න (96) ටෙස්ට් පිතිකරුවන් 100 දෙනා අතරට එක්ව සිටින සෙසු ශ්‍රී ලාංකිකයෝ වෙති. 

දකුණු අප්‍රිකාවත් සමග පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානය අත්කර ගැනීමට රංගන හේරත් සමත් විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙදී කඩුලු පහක් බිඳ හෙළමින් ටෙස්ට් ප්‍රසාද ලකුණු 765 ක් ලබාගත් හේරත් 9 වැනි ස්ථානය අත්කර ගත්තේය. 

වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තාවන්ට තවමත්  හිමිකම් කියන මුත්තයියා මුරලිදරන්ට පසුව ශ්‍රී ලංකාවේ බිහි වු සාර්ථකම දඟපන්දු යවන්නා ලෙස හේරත් නම් දරා සිටී. 40 වැනි වියේ පසුවන හේරත් ටෙස්ට් තරග 91 ට සහභාගී වී දවාගෙන ඇති කඩලු සංඛ්‍යාව 423 කි.

ශ්‍රී ලාංකික පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා 25 වැනි ස්ථානයේත් සුරංග ලක්මාල් 26 වැනි ස්ථානයේත් සිටිති. නුවන් ප්‍රදීප් පෙරේරා (37), ළහිරු කුමාර (42), කසුන් රාජිත (43), ලක්ෂාන් සඳකැන් (51), අකිල ධනංජය (55), දසුන් ශානක (68), ඇන්ජලෝ මැතිව්ස් (75) සහ මාලින්ද පුෂ්පකුමාර (97) ටෙස්ට් පන්දු යවන්නන් 100 දෙනා අතර සිටින සෙසු ශ්‍රී ලාංකිකයෝ වෙති. 

 

ටෙස්ට්  පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු 10 දෙනා

ටෙස්ට්  පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හී පළමු 10 දෙනා

-092


අදහස් (0)

දිමුත් - හේරත් පළමු 10 අතරට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.