Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා රුපියල් මිලියන 75 ක (කෝටි හත හමාරක) වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඇත්තේ දින 12 ක් පමණි. මෙම වැය ඇස්තමේන්තුව අනු තරගාවලියේ දිනයක වියදම ලක්‍ෂ 60 ඉක්මවයි.
මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් කිසිවකු සහභාගි නොවන අතර තරගාවලිය දේශීය ක්‍රීඩකයන් යොදාගනිමින් කණ්ඩායම් 4 ක් අතර තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය මේ මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරමින් කියා සිටියේය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන දෙකක් හෙවත් ලක්‍ෂ 20 ක්ද අනුශූරයන්ට රුපියල් මිලියන එක හමාරක් හෙවත් ලක්‍ෂ 15 ක්ද ත්‍යාග ලෙසින් පිරිනැමේ. ඊට අමතරව තරගාවලිය සඳහා තෝරාගනු ලබන සියලුම ක්‍රීඩකයන්ට, විනිසුරුවරුන්ට, තරග තීරකවරුන්ට, කණ්ඩායම් නිලධාරීන්ට සහ අනෙකුත් නිලධාරීන්ට මෙම තරගාවලිය සඳහාම විශේෂ දීමනා ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
වැය ඇස්තමේන්තුව සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ තරගාවලිය සඳහා අනුග්‍රාහකයකු සොයා ගැනීමට තමන් උත්සාහ කරන නමුත් අනුග්‍රාහකයකු ඉදිරිපත් නොවූවද තරගාවලිය පැවැත්වෙන බවයි.
“අපි දැන් මේ තරගාවලිය සඳහා දින වකවානු වෙන්කරලා ඉවරයි. ඒ කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා අපි මේ තරගාවලිය දේශීය ක්‍රීඩකයන් යොදාගනිමින් පවත්වනවා” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
විදේශීය ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් යනුවෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි-20 තරගාවලිය වෙනුවෙන් තරගාවලි අධ්‍යක්‍ෂකවරයා ලෙස ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආනල්ඞ් මහතා පත්කරනු ලැබ තිබිණ. එහෙත් එම තරගාවලිය සම්බන්ධයෙන් කිසිම සූදානමක් නොතිබූ හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් තරගවලිය අතහැර දමන්නට ජූලි මස මුල් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
කලින් බලාපොරොත්තු වූ පරිදි විදේශීය ක්‍රීඩකයන් සම්බන්ධ කරගැනීම සඳහා පත්කරනු ලැබ සිටි තරගාවලි අධ්‍යක්‍ෂවරයා වූ රසල් ආනල්ඞ් මහතාගේ පත්වීමද තාවකාලිකව අත්හිටුවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා පැවසීය. 2018 තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකු වූ සජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇතැයිද වාර්තා වේ.
“කොහොම වුණත් අපි ලබන අවුරුද්දේ විදේශීය ක්‍රීඩකයන් සම්බන්ධ කරගනිමින් මේක මීට වඩා හොඳට පවත්වනවා” යයිද නම සඳහන් කිරීමට එකඟ නොවූ එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් හතර අතර තරග පැවැත්වේ. ජාතික කණ්ඩායම නියෝනය කරන ක්‍රීඩකයන්, පළමු
පෙළ ක්‍රීඩකයන් සහ වයස 19 න් පහළ නැඟී එන ක්‍රීඩකයන්ගෙන් මෙම කණ්ඩායම් තෝරාගැනීම සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටු නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
තරග පැවැත්වෙන සෑම දිනයකදීම තරග දෙකක් පැවැත්වේ. පස්වරු 2.30 ට පළමු තරගය ආරම්භ වන අතර දෙවැනි තරගය පස්වරු 7.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. තරග සියල්ලම දේශීය රූපවාහිනී සේවයක් ඔස්සේ විකාශය කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙක් පැවසීය.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් තරග 6 කට බැගින් ක්‍රීඩා කරන අතර එහිදී සෑම කණ්ඩායමකටම දිවා තරග 3 කට සහ දිවා-රාත්‍රී තරග 3 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ.
මූලික වටය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් මහ තරගය සැප්තැම්බර් මස 2 වැනිදා පස්වරු 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.