Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිමුත් හැම්ප්ෂයර් පිලට එක්වෙයි

දිමුත් හැම්ප්ෂයර් පිලට එක්වෙයි

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියේදී ප්‍රාන්ත කණ්ඩායමක් වන හැම්ප්ෂයර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ගිවිසුම් අත්සන් කර ඇත.

හැම්ප්ෂයර් ක්‍රීඩා සමාජයේ විදේශීය ක්‍රීඩකයා ලෙස ගිවිසුම් අත්සන් කර ඇති කරුණාරත්න තරගාවලියේ පළමු භාගයේදී ඔහුගේ දායකත්වය එම ක්‍රීඩා සමාජයට ලබාදීමට නියමිතව ඇත. ඊට ප්‍රාන්ත ශූරතා තරගාවලිය සහ රෝයල් ලන්ඩන් තරගාවලියද අයත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැති කළබලකාරී තත්වය තුල පෙබරවාරී මාසයේදී නායකත්වයට පත්වූ කරුණාරත්න දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2-0 ක ඵෛතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ගෙන දිමට සමත්විය.

“එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීම මගේ සිහිනයක්ව තිබුණා. හැම්ප්ෂයර් ප්‍රාන්ත පිල වගේ එකක් එක්ක සම්බන්ධ වීම හිතාගන්න බැරි තරම් සතුටක්” කරුණාරත්න කීවේය. “2018 දී මම ලබාගත් සාර්ථකත්වය හැම්ප්ෂයර් පිලේ ඉදිරිය වෙනුවෙන් යෙදවීමට මා බලාපොරොත්තු වෙනවා”

2012 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් කරුණාරත්න තරග 60 කදී ශතක 8 ක් සහ අර්ධ ශතක 22 ක් සමගින් ලකුණු 4074 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 36.05 කි. එක්දින තරග 17 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත.

තරගාවලියේ පළමු භාගයේදී ඔහු අපත් සමගින් එක්වීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වුවා යැයි හැම්ප්ෂයර් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂක ජයිල්ස් වයිට් මහතා පැවසීය.

ඔහු උසස් තත්වයේ ක්‍රීඩකයකු මෙන්ම පසුගිය මාසයේදී ඔහුගේ උසස් ගුණාත්මක බව අපට දැක ගැනීමට හැකිවුනා. එමෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව ඵෛතිහාසික තරගාවලි ජයක් ගෙන ඒමට ඔහු නායකත්වය ලබාදුන්නා.


අදහස් (0)

දිමුත් හැම්ප්ෂයර් පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.