Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානු කාන්තා පිලට කඩුලු 7 ක ජයක්

දකුණු අප්‍රිකානු කාන්තා පිලට කඩුලු 7 ක ජයක්

Nisanka Sandeepani - 2018 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ශාන්ත ලුසියාහිදී ඊයේ (12 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන (විස්සයි20) ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්විය.
 
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 99 ක් පමණි.
 
මුල් පෙළ පිතිකාරියෝ අසාර්ථක වීම හේතුවෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. ලකුණු 21 ක් ලබාගත් ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිය බවට පත්වූ අතර පන්දු 27 කට මුහුණදුන් ඇගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. පසුපෙළ පිතිකාරිනියක් ලෙස පිටියට පිවිසි ඩිලානි මනෝදරා පන්දු 12 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 ආසනවට රැගෙන යාමට සමත්වූවාය.
 
ශබ්නිම් ඉස්මයිල් සිය ඕවර 4 ලකුණු 10 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මරසානී කේප් සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරමින් කඩුල්ලක් දවාගැනීමට සමත්වූවාය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.
 
ආරම්භක පිතිකාරිනියන් ලකුණු 6 ත් තුළ දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට උදේශිකා ප්‍රබෝධනී සහ ශ්‍රීපාලී වීරක්කොඩි සමත්වූහ. නමුත් තෙවැනි කඩුල්ල සඳහා එක්වූ මරසානී කේප් සහ නායිකා ඬේන් වෑන් නිකක් එක්ව පන්දු 77 කදී ලකුණු 67 ක සම්බන්ධතාවයක් පවත්වමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූහ.
 
මරසානී කේප් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළ අතර ඬේන් වෑන් නිකක් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස්කිරීමට සමත්වූවාය.
 
ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 99
(ශෂිකලා සිරිවර්ධන 21, ඩිලානි මනෝදරා නොදැවී 20, ශබ්නිම් ඉස්මයිල් 10/3)
 
දකුණු අප්‍රිකාව - ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 102
(මරසානී කේප් 38, ඬේන් වෑන් නිකක් නොදැවී 33)

අදහස් (0)

දකුණු අප්‍රිකානු කාන්තා පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.