Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබාගත්තේය.
පළමු දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 17 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් නොදැවී ලකුණු 10 ක් ලබා සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි මොහොමඞ් අබ්බාස් ලකුණු ලබා සිටියේ නැත.
පිට පිටම යැවූ පන්දු දෙකකදී ශාන් මසූද් (2) සහ අසාර් අලී (0) පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ වර්නන් පිලැන්ඩර්, ඉනිම ආරම්භයේදී පාකිස්තාන කණ්ඩායම මහත් අසීරු තත්වයකට ඇද දැමුවේය.
නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසි තරග තහනමකට ලක්ව සිටීම නිසා මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස කටයුතු කරන ඩීන් එල්ගා ලකුණු 5 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් අබ්බාස් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ්ගේ සහායද ඇතිවය.
ඉන් අනතුරුව පිටියට පිවිසි හෂීම් අම්ලා (41) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙසු ආරම්භක පිතිකරුවා වූ ඒඞ්න් මාක්‍රම් (90) සමත් විය. දක්ෂ පිතිහරඹයක නිරත වූ මාක්‍රම් සිය අර්ධ ශතකය හතරේ පහර 16 කින් සැරසූ අතර ශතය පෙනි පෙනී සිටියදී ෆාහිම් අෂ්රෆ්ගේ පන්දුක් හමුවේ සර්ෆරාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 154 ක් වන විට ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ අසාද් ශෆීක් අතට උඩ පන්දුවක් දෙමින් හෂීම් අම්ලාද පිටියෙන් ඉවත්ව ගියේය. කෙසේ වුවත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ තියුනිස් ඩි’බ්‍රයන් (49) සහ සුබායර් හම්සා (41) දකුණු අප්‍රිකානු කණ්ඩායම යම් ස්ථාවර තත්වයකට රැගෙන ගියහ.
අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදී මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් බ්‍රයන් පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන් අනතුරුව ලකුණු 33 ක් තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුලු 6 ම දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෆාහීම් අෂ්රෆ් ලකුණු 57 කට කඩුලු 3 ක් දවාගත් අතර මොහොමඞ් අමීර්, මොහොමඞ් අබ්බාස් සහ හසන් අලී කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අසරණ කිරීම සඳහා අෂ්රෆ්ට අනගි සහායක් දුන්හ.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 262
(ඒඞ්න් මාක්‍රම් 90, හෂීම් අම්ලා 41, තියුනිස් ඩි’බ්‍රයන් 49, සුබායර් හම්සා 41, ක්වින්ටින් ඩි’කොක් 18, ෆාහීම් අෂ්රෆ් 57/3, මොහොමඞ් අමීර් 36/2, මොහොමඞ් අබ්බාස් 44/2 හසන් අලී 75/2)
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 17
(වර්නන් පිලැන්දර් 01/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.