Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකාව 3-0 කින් පාකිස්තානය පරදවයි

දකුණු අප්‍රිකාව 3-0 කින් පාකිස්තානය පරදවයි

ශනුක අරවින්ද - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පකිස්තාන කණ්ඩායමට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 107 ක ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 381 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 273 කට සීමා කිරීමට ඩුඈන් ඔලිවර් සහ කගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඔලිවර් ලකුණු 74 කට කඩුලු 3 ක්ද, රබාඩා ලකුණු 75 කට කඩුලු 3 ක්ද දවාගත්හ. එහිදී ඔවුන්ට අනගි සහායක් දුන් ඬේල් ස්ටේන් ලකුණු 80 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

තෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට අද දිනයේදී (14 වැනිදා) සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි. පාකිස්තාන දෙවැනි ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදෙමින් සිටි ශඩාබ් ඛාන් හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස්කළේය.

ඊයේ තරගය නතර කරන විට ලකුණු 48 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අසාද් ශෆීක්, අද දිනයේදී සිය 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය (65) ලබාගත්තේය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ශෆීක් හතරේ පහර 11 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර බාබර් අසාම් (21) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ඔලිවර් ඩුඈන්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම නිසා සර්ෆරාස් අහමඞ්ට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර ශෆීක් දැවී ගියේ වර්නන් පිලැන්ඩර්ගේ පන්දුවක් හමුමේ ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් දෙමිනි. පාකිස්තාන ඉනිමේ පසුපෙළ වනසා දැමූ කගිසෝ රබාඩා ලකුණු 43 ක් ඇතුළත ෆාහිම් අෂ්රෆ් (15), මොහොමඞ් අමීර් (4) සහ හසන් අලී (22) දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 262
(ඒඞ්න් මාක්‍රම් 90, හෂීම් අම්ලා 41, තියුනිස් ඩි’බ්‍රයන් 49, සුබායර් හම්සා 41, ක්වින්ටින් ඩි’කොක් 18, ෆාහීම් අෂ්රෆ් 57/3, මොහොමඞ් අමීර් 36/2, මොහොමඞ් අබ්බාස් 44/2 හසන් අලී 75/2)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 185
(ඉමාම් උල්හක් 43, බාබර් අසාම් 49, සර්ෆරාස් අහමඞ් 50, ඩුඈන් ඔලිවර් 51/5, වර්නන් පිලැන්දර් 43/3, කගිසෝ රබාඩා 41/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 303
(ඒඞ්න් මාක්‍රම් 21, හෂීම් අම්ලා 71, ටෙම්බා බවුමා 23, ක්වින්ටින් ඩි’කොක් 129, කගිසෝ රබාඩා 21, ශඩාබ් ඛාන් 41/3, ෆාහිම් අෂ්රෆ් 42/3, මොහොමඞ් අමීර් 56/2)

පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 273
(ඉමාම් උලහක් 35, ශාන් මසූද් 37, අසාද් ශෆීක් 65, බාබර් අසාම් 21, ශඩාබ් ඛාන් නොදැවී 47, හසන් අලී 22, ඩුඈන් ඔලිවර් 74/3, කගිසෝ රබාඩා 75/3, ඬේල් ස්ටේන් 80/2)

-036


අදහස් (0)

දකුණු අප්‍රිකාව 3-0 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.