Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (10 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගය, ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 3-0 ක් ලෙස පෙරමුණගත් දකුණු අප්‍රිකාව තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමටද සමත්විය.
වර්ෂාවෙන් බාධා ඇතිවූ තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා පිලේ ඉලක්කය සංශෝධනය කරන ලදි. ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 24 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
වර්ෂාවෙන් පසුව ඉම්රාන් තහීර් සහ තබ්රේස් ශම්සි විසින් යවන ලද අවසන් ඕවර 8 තුළදී කඩුලු 3 ක් අහිමිකරගත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 46 ක් පමණි.
පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 16 කදී කඩුලු 2 කට ලකුණු 75 ක් රැස්කර සිටියදී වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය පැය දෙකකට ආසන්න කාළයක් පැවැත්වීමට නොහැකිවිය. ඉන් අනතුරුව ඇරඹි තරගය ඕවර 24 කට සීමාවූ අතර ශ්‍රී ලංකාවට ලකුණු 193 ක නව ඉලක්කයක් හිමිවිය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 35 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩ සහ ලුන්ගි න්ගිඩි සමත්වූහ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 2 කට පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩගේ සමත්වූ අතර ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් හමුවේ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 23 කට දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 331 ක් රැස්කිරීමට ඔවුන් සමත් වූහ. අවසන් ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් අහිමිකරගත් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 99 ක් රැස්කිරීමට සමත්වූහ.
ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ කළ ඔවුන්ගේ ප්‍රහාරයෙන් ගැලවීමට කමිඳු මෙන්ඩිස් හැර අනෙක් පන්දු යවන්නෝ අපොහොසත් වූහ.
සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් ඕවර 10 ලකුණු 45 කට සීමාකරමින් කඩුල්ලක් දවාගත් කමිඳු මෙන්ඩිස් පිතිකරුවන් තරමක් දුරට මෙල්ල කිරීමට සමත්විය. සෙසු පන්දු යවන්නන් 5 දෙනාට ඕවරයකදී ලකුණු 6 කට වඩා ඉහළ සාමාන්‍යයක් පවත්වා ගැනීමට පිතිකරුවෝ සමත්වූහ.
රාසි වැන්ඩර්සන් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඇන්ඩිල් පෙලුක්වායෝ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
ඇන්ඩිල් පෙලුක්වායෝ සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 20 කදී ලකුණු 47 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූ ඬේවිඞ් මිලර් පන්දු 46 කදී නොදැවී ලකුණු 41 ක් රැස්කිරීමට සමත්විය.
මංගල තරගයට ක්‍රීඩාකරමින් දෑතින්ම පන්දු යැවූ කමිඳු මෙන්ඩිස්ගේ මංගල කඩුල්ල ලෙස රාසි වැන්ඩර්සන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. සිවුවැනි එක්දින අර්ධ ශතකය පන්දු 66 කදී ලබාගත් රාසි වැන්ඩර්සන් දැවීයන විට පන්දු 67 කට මුහුණදෙමින් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කර සිටියේය.
රාසි වැන්ඩර්සන් කඩුල්ල මුවා කළේ යැයි පන්දු රකින්නන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරුවරයා ඔහු දැවීගිය බවට තීරණය කළේය. එම තීරණයට එකඟ වෙමින් වැන්ඩර්සන් පිටියෙන් ඉවත්වීමට තීරණය කළද ඬේවිඞ් මිලර්ගේ ඉල්ලීම මත විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමට ඔහු තීරණය කළේය.
පුණරූපන නැරඹු තෙවැනි විනිසුරුවරයා විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟවෙමින් වැන්ඩර්සන් දැවීගිය බවට තීරණය කිරීමත් සමගින් දකුණු අප්‍රිකානුවන්ට හිමිව තිබූ විනිසුරු තීරණය විමසීමට තිබූ එකම අවස්ථාවත් අහිමිව ගියේය.
පන්දු 108 කදී ලකුණු 121 ක් රැස්කළ ක්වින්ටින් ඩි’කොක් ඉනිම ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් දකුණු අප්‍රිකාවට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය. කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් ඩි’කොක් දැවීයන විට ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින් අලංකාර වී තිබිණ.
පළමු තරග 2 දී අර්ධ ශතක ලබාගනිමින් ශතකය ආසන්නයට පැමිණියද ශතකය සම්පූර්ණ කරගැනීමට අපොහොසත්වූ ක්වින්ටින් ඩි’කොක් අද තරගයේදී සිය 14 වැනි එක්දින ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත්විය. අර්ධ ශතකය පන්දු 49 කදී ලබාගත් ඩි’කොක් ශතකයට වැයකලේ පන්දු 89 ක් පමණි.
ඩි’කොක් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක ෆෆ් ඩුප්ලෙසි පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත්විය. නිරෝෂන් දික්වැල් අතට උඩපන්දුවක් දෙමින් ඩුප්ලෙසි දැවීයන විට පන්දු 27 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 36 ක් රැස්කර සිටියේය.
2012 වසරේදී ඉන්දීයාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී මංගල තරගයට ක්‍රීඩාකළ ඉසුරු උදාන ඉන් පසුව එක්දින පිටියේ දක්නට නොහැකි විය. ඉන් වසර 7 කට ආසන්න කාලයකට පසුව නැවතත් එක්දින සංචිතයට එක්වූ ඉසුරු උදාන මංගල එක්දින කඩුල්ල ලෙස රීසා හෙන්රික්ස් ලකුණු 4 කට දවාගැනීමට අද සමත්විය.
කණ්ඩායම් දෙකෙහි වෙනස්කම් දෙක බැගින් සිදුකරමින් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත්කර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන කමිඳු මෙන්ඩිස් සහ ඉසුරු උදාන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණ. වියාන් මල්ඩර් සහ ඇන්රිච් නෝජේ ඉවත්කර ඞ්වේන් ප්‍රිටෝරියස් සහ තබ්රේස් ශම්සි දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවන ලදි.
ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.