Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (8 වැනිදා) දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 361 කට සීමා කිරීමට මුයිල් අලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකිවූයේ තවත් ලකුණු 147 ක් පමණි.
දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 27 ක් ලබා සිටි කගිසෝ රබාඩා පිටියෙන් ඉවත් කිරීමට ලයාම් ඬේව්සන් සමත් වූ අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මුයිල් අලී ලකුණු පුවරුවට තවත් ලකුණු 4 ක් එක් වෙද්දී ටෙම්බා බවුමාද (59) පිටියෙන් ඉවත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පීඩනයට පත් කළේය.
කෙසේ වුවත් ක්වින්ටින් ඩි’කොක් (51) සහ වර්නන් පිලැන්දර් (52) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉහළට ඔසවා තැබීම සඳහා මහත් උත්සාහයක් දැරූහ. එහෙත් ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටොක්ස් අතට උඩපන්දුවක් දෙමින් ක්වින්ටින් ඩි’කොක් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඩි’කොක්ගේ 10 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර පිලැන්දර්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.
දසවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කේෂව් මහරාජ්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ලයාම් ඬේව්සන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. ලකුණු 52 ක් ලබා සිටි වර්නන් පිලැන්දර් සිය සිවුවැනි ගොදුර බවට පත්කර ගැනීමට මුයින් අලී සමත් වීමත් සමග දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 361 කට සීමා විය.
පළමු ඉනිමේදී ලද ලකුණු 97 ක වාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම අද තරගය නරත කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් ඇතැතිව දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 216 ක් ඉදිරියෙන් සිටින අතර දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටි ඇලිස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 59 ක්ද, ගැරී බැලන්ස් නොදැවී ලකුණු 22 ක් ලබා සිටියහ.
එංගලන්ත දෙවැනි ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට මෝනි මෝකල් සමත් වූ අතර එහිදී ඔහුගේ පන්දුවක් හමුවේ ලකුණු 33 ක් ලබා සිටි කීටන් ජෙනිංග්ස් කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 458
(ගැරී බැලන්ස් 20, ජෝ රූට් 190, බෙන් ස්ටෝක්ස් 56, මුයින් අලි 87, ස්ටුවට් බ්‍රෝඞ් 57, මෝනි මෝකල් 115/4, වර්නන් පිලැන්දර් 67/3, කගිසෝ රබාඩා 123/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 361
(ඩීන් එල්ගා 54, හෂීම් අම්ලා 29, ටෙම්බා බවුමා 59, තියුනිස් ඩි’බෘයින් 48, කගිසෝ රබාඩා 27, ක්වින්ටින් ඩි’කොක් 51, වර්නන් පිලැන්දර් 52, මුයින් අලී 59/4, ජේම්ස් ඇන්ඩර්සන් 44/2, ස්ටුවට් බ්‍රොඞ් 62/2, ලයාම් ඬේව්සන් 67/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 119
(ඇලිස්ටෙයාර් කුක් නොදැවී 59, කීටන් ජෙනිංග්ස් 33, ගැරී බැලන්ස් නොදැවී 22)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.