Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ වේග පන්දුව බලගන්වති

දකුණු අප්‍රිකානුවෝ වේග පන්දුව බලගන්වති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ඩේල් ස්ටේන් සහ ක්‍රිස් මොරිස් දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඉකිළියේ මස්පිඩු ඇදීමක් හේතුවෙන් මොරිස්ට දෙසැම්බර් මාසයේදී සිම්බාබ්වේට එරෙහිව  පැවැති ටෙස්ට් තරගය අහිමි වූ අතර ස්ටේන්ට විවිධ ආබාධ හේතුවෙන් වසරකට ආසන්න කාලයක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමට නොහැකි විය.

ඔවුන් දෙදෙනා යළි දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග එක්වීමත් ඔවුන්ගේ වේග පන්දු බලඇණිය තවත් ශක්තිමත් වන අතර මෝනි මෝකල්, වර්නන් පිලැන්ඩර්, කගිසෝ රබාඩා සහ ඇන්ඩිල් පෙලුක්වායෝ මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කරති.

පිට කොන්දේ සහ උරහිසේ අබාධයක් හේතුවෙන් සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගයට සහභාගි නොවූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසී ඉන්දීය තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට කැඳවා සිටින අතර එම තරගාවලියේදී යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීම සඳහා ඔහු සූදානමින් සිටියි.

ආබාධ හේතුවෙන් දීර්ඝ කාලයක් ටෙස්ට් ක්‍රිකට් තරගවලට සහභාගි වීමෙන් වැලකී සිටි ඒ.බී. ඩිවිලියර්ස්ද සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී යළිත් කණ්ඩායමට එක්වූ අතර එම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.

ඩුප්ලේසී සහ ඩිවිලියස්ර්ගේ පැමිණීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවද වඩාත් ශක්තිමත් වී ඇති අතර හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි’කොක්, ඩීන් එල්ගා, ටෙම්බා බවුමා සහ තියුනිස් ඩි’බෘයින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ලෙස කටයුතු කරති.


දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩුප්ලෙසී (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටින් ඩි’කොක්, තියුනිස් ඩි’බෘයින්, ඒ.බී. ඩිවිලියස්, ඩීන් එල්ගා, කේෂව් මහරාජ්, ඒඩන් මක්‍රම්, මෝනි මෝකල්, ක්‍රිස් මොරිස්, ඇන්ඩිල් පෙලුක්වායෝ, වර්නන් පිලැන්ඩර්, කගිසෝ රබාඩා සහ ඬේල් ස්ටේන්


- 036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ වේග පන්දුව බලගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.