Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව ඊයේ (10 වැනිදා) ජොහැන්නස්බර්ග්හිදී පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත් වීම නිසා (මන්දගාමී පන්දු යැවීමක නිරත වීම නිසා) දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරග මුදලින් 10% ක් දඩ වශයෙන් ගෙවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව නියම කර තිබේ.
තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ සිවුවැනි තරගය ලෙස පැවැති එම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායම පරදවා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙම තරගයේ නියමිත කාලය තුළදී එක් ඕවරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඒඩන් මර්ක්‍රම්ට සිය තරග මුදලින් 20% ක්ද, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් 10% ක්ද දඩ වශයෙන් ගෙවීමට නියම කිරීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා පියවර ගෙන තිබේ.
ප්‍රධාන විනිසුරුවන් වූ අලීම් ඩාර්, බොංගනි ජේලේ, තෙවැනි විනිසුරු ඉයන් ගවුල්ඞ් සහ සිවුවැනි විනිසුරු ෂොන් ජෝජ් විසින් ඒ සම්බන්ධයෙන් පැමිණිළි කරනු ලැබීමත් සමග පයික්‍රොෆ්ට් මහතා අප්‍රිකානු කණ්ඩායමට මෙලෙස දඩ පැනවීමට කටයුතු කර තිබේ.
තවත් මාස 12 ක් ඇතුළත මර්ක්‍රම්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මන්දගාමී පන්දු යැවීමක නිරත වීමේ වරදට හසුවුව හොත් මර්ක්‍රම්ට තරග තහනමකට ලක්වීමටද සිදුවනු ඇත.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.