Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3 කින් සමන්විත වන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ෆර්හාන් බෙහාර්ඩීන් (නොදැවී 16) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ජේ.පී. ඩුමිනි දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
හෙන්රික් ලාසෙන් (69) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද ඩුමිනි සමත් විය. පන්දු 40 කදී වාර්තා වූ ඩුමිනිගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ ලාසේන්ගේ ඉනිම හයේ පහර 7 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිය ඉහළම විස්සයි20 ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට මැද පෙළ පිතිකරු මනීෂ් පාණ්ඬේ (නොදැවී 79) සමත් විය. පන්දු 48 කට මුහුණදුන් පාණ්ඬේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළේය.
මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 52) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද පාණ්ඬේ සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ දෝනිගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, සුරේෂ් රයිනා පන්දු 24 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 188
(ශිකර් ධවාන් 24, සුරේෂ් රයිනා 30, මනීෂ් පාණ්ඬේ නොදැවී 79, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 52, ජූනියර් ඩෙලා 28/2)
දකුණු අප්‍රිකානු පිල - ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී 189
(රීසා හෙන්ඩ්‍රික්ස් 26, ජේ.පී. ඩුමිනි නොදැවී 64, හෙන්රික් ක්ලාසීන් 69, ෆර්හාන් බෙහාර්ඩීන් නොදැවී 16, ජයදේව් උනාඞ්කට් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.