Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු පිතිකරු ලයිස්තුවේ ඩයිනෝසරයන් දෙදෙනාම අර්ධ ශතක ලබාගත් නමුත් ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනය නිමා වීමට පෙර දකුණු අප්‍රිකානුවෝ සැනසුම් සුසුම් හෙළුෑහ. ඒ ඬේවිඞ් වෝනර් (51) සහ ස්ටීවන් ස්මිත් (56) දෙදෙනාම පිටියෙන් ඉවත්කරගත හැකිවූ බැවිනි.
දිනයේ ක්‍රීඩාව නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියහ.
දිවා ආහාරයට පෙර යැවුණු අවසන් ඕවරයේදී ඬේවිඞ් වෝනර්ගේ ඉනිම නිමා කිරීමට වර්නන් ෆිලැන්ඩර් සමත් වූයේය. දිවා ආහාරයටත් තේ පානයටත් අතර බිඳ වැටුණේ එකම කඩුල්ලකි. එහෙත් ඒ කඩුල්ල ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල කරගැනීමට කේෂව් මහාරාජ්ට හැකිවිය.
තේ පානය වන විට කඩුලු 4 කට ලකුණු 170 ක් ලබා සිටි ඕස්ටේ්රලියාව වෙනුවෙන් මාෂ් සොහොයුරෝ දෙදෙනා සටන ගෙන යමින් සිටියහ. එහෙත් තේ පානයෙන් පසුව ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 55 ක් පමණි.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේ දහසක් බලාපොරොත්තු ඇතිවය. කැමරන්
බැන්ක්‍රොෆ්ට් සහ උස්මන් කවාජා දෙදෙනාම ලකුණු 39 ක් ඇතුළත දැවී යාමෙන් පසුව වෝනර් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක්කළ ස්මිත් පිට පිටම පස්වැනි ටෙස්ට් ඉනිමේදීත් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. එහෙත් තේ පානයට පෙර ස්මිත්ගේ දැවීයාම දකුණු අප්රිකානුවෙන්ගේ නොමඳ සැනසීමට හේතුවක් විය.
වෝනර් දැවී ගියේ දෙවැනි ස්ලිප්හි සිටි ඒ.බී. ඩිවිලියර්ස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකිනි. දකුණු අප්‍රිකාවේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියේදී වෝනර්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 12, 115, 70, 66, 135 සහ 145 ක් වශයෙනි. අද තරගයේදී පන්දු 72 කින් සිය අර්ධ ශතකය ලබාගත් වෝනර්ට එතැන්සිට යා හැකිවූයේ කෙටි දුරකි.
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් කොතැනදී පැවැත්වූවත් මතවාද සහ නාට්‍යානුසාර ජවනිකා අඩුවක් නැතිවම තිබේ. අද තරගයේදීත් 11 වැනි ඕවරය නිමා වනවිට දකුණු අප්‍රිකානු පිලේ විතීවි අවස්ථා දෙකම අහවර වී තිබිණ. එය බෙහෙවින් අවාසිදායක අත්වැරදීම් වූවත් දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානුවෝ තරමක් දුරට හිස ඔසවාගෙන සිටියහ.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුලු 5 ට 225
(ඬේවිඞ් වෝනර් 51, උස්මන් කවාජා 14, ස්ටීවන් ස්මිත් 56, ෂෝන් මාෂ් 40, මිචෙල් මාෂ් නොදැවී 32, ටිම් පේන් නොදැවී 21, වර්නන් පිලැන්ඩර් 36/2, කේෂව් මහාරාජ් 69/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.