Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දඹුල්ල ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

දඹුල්ල ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

ශනුක අරවින්ද - 2018 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති දඹුල්ල පිල සහ කොළඹ පිල අතර පළමු වටයේ අවසන් තරගයෙන් දඹුල්ල ක්‍රීඩකයෝ ලකුණු 5 තියුණු ජයක් ලැබූහ.

කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් තරග හයෙන් හතර බැගින් ජය ලබමින් ප්‍රසාද ලකුණු 8 බැගින් හිමිකර ගත්තේය. කොළඹ පිලට ශුද්ධ ලකුණු වේගය අනුව පළමු ස්ථානයට පත්විය.

මහනුවර සහ ගාල්ල යන කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලබමින් ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකරගත් අතර මහනුවර පිල ශුද්ධ ලකුණු වේගය අනුව තෙවැනි තැනට පත්විය.

කොළඹ පිල සහ දඹුල්ල පිල අතර අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 2 වැනිදා රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.  

ලකුණු 141 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය කොළඹ පිලට ඕවර 20 දී කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 135 ක් පමණි.

වේග පන්දු යවන්නකු වන දඹුල්ල පිලේ නායක ඉසුරු උදාන 18 වැනි ඕවරය දක්වා දඟ පන්දු යවන්නන් පස්දෙනකු යොදා ගනිමින් කොළඹ පිලේ ප්‍රබල පිතිකරුවන් මර්ධනය කිරීම ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය බවට පත්විය.

සම්මු අෂාන් පන්දු 15 කදී දැවැන්ත හයේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළ ද අන්තය මාරුකිරීමේ අවශ්‍යතාව මත දිවයෑම නිසා දුවද්දී දැවී ගියේය.  

ප්‍රියමාල් පෙරේරා පන්දු 47 කින් ලකුණු 46 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

වනිඳු හසරංග සහ ඉසුරු උදාන හත්වැනි කඩුල්ලට පන්දු 55 කින් පැවැත්වූ ලකුණු 69 ක සම්බන්ධතාව හේතුවෙන් දඹුල්ල පිලට ලකුණු 140 ක් දක්වා ඒමේ අවස්ථාව උදාවිය.

ඉසුරු උදාන අවසන් ඕවර දෙකේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 25 කදී හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කිරීමට සමත් විය.

වනිඳු හසරංග අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දු 33 කින් ලකුණු 26 ක් රැස් කළේය.

සදීර සමරවික්‍රමගේ සිට කඩුලු හතරක් ලකුණු 9 ක් තුළ බිඳ වැටීමෙන් දඹුල්ල පිල 11 වැනි ඕවරයේදී අමාරුවේ වැටුණි.

ප්‍රබල පිතිකරු ධනුෂ්ක ගුණතිලක (10) තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී දවා ගැනිමින් කොළඹ පිල හොඳ ආරම්භයක් ලබාගත්තේය.
දඹුල්ල පිලේ නායක ඉසුරු උදාන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.  

ලකුණු පුවරුව

දඹුල්ල පිල
ධනුෂ්ක ගුණතිලක - ප. සම්මු     10
රමිත් රඹුක්වැල්ල - ඇ ෂෙහාන් ප. ජීවන්    20
හසිත බෝයගොඩ - ඇ. සම්මු ප. අසිත    13
සදීර සමරවික්‍රම - ස්ටම්ප් විශ්ව චතුරංග ප. ජීවන්     18
අෂාන් ප්‍රියංජන් - ක. මූ. කළා ප. චතුරංග ද සිල්වා    7
මිනෝද් භානුක - ප. ජීවන්    1
වනිඳු හසරංග - නොදැවී    26
ඉසුරු උදාන - නොදැවී    41
අතිරේක    4
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී    140
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ෂෙහාන් මධුසංඛ, ලක්‍ෂාන් සඳකැන්, අමිල අපෝන්සු
කඩුලු වැටීම:
1-28(ධනුෂ්ක), 2-39(බෝයගොඩ), 3-62(සදීර), 4-63(රඹුක්වැල්ල), 5-68(මිනෝද්), 6-71(ප්‍රියංජන්)
පන්දු යැවීම:
අසිත ප්‍රනාන්දු: 3-0-36-1,  නුවන් ප්‍රදීප්: 3-0-36-1, සම්මු අෂාන්: 2-0-13-1, ෂෙහාන් ජයසූරිය: 2-0-9-0, ජීවන් මෙන්ඩිස්: 4-0-23-3, චතුරංග ද සිල්වා: 4-0-20-1, කමිඳු මෙන්ඩිස්: 2-0-5-0

කොළඹ පිල
උපුල් තරංග - ඇ. ප්‍රියංජන් ප. අපෝන්සු     8
අවිෂ්ක ප්‍රනාන්දු - ස්ටම්ප් සදීර ප. අපෝන්සු    2
ප්‍රියමාල් පෙරේරා - දුවද්දී දැවී ගියා      46
ෂෙහාන් ජයසූරිය - දුවද්දී දැවී ගියා     1
කමිඳු මෙන්ඩිස් - ඇ. රමේෂ් ප. වනිඳු    21
චතුරංග ද සිල්වා - ඇ. රමේෂ් ප. වනිඳු    3
ජීවන් මෙන්ඩිස් - ප. අපෝන්සු    2
සම්මු අෂාන් - දුවද්දී දැවී ගියා    32
අසිත ප්‍රනාන්දු - නොදැවී    6
නුවන් ප්‍රදීප් - නොදැවී    4
අතිරේක    10
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී     135
පන්දුවට පහර නොදුන් පිතිකරු:
දිනේෂ් චන්දිමාල්
කඩුලු වැටීම:
1-6(අවිෂ්ක), 2-15(තරංග), 3-21(ෂෙහාන්), 4-69(කමිඳු), 5-85(චතුරංග), 6-86(ප්‍රියමාල්), 7-89(ජීවන්), 8-120(සම්මු)
පන්දු යැවීම:
ධනුෂ්ක ගුණතිලක: 4-0-28-0, අමිල අපෝන්සු: 4-0-13-3, අෂාන් ප්‍රියංජන්: 2-0-20-0, වනිඳු හසරංග: 4-0-34-1, ලක්‍ෂාන් සඳකැන්: 4-0-16-1, ඉසුරු උදාන: 1-0-7-0, ෂෙහාන් මධුසංඛ: 1-0-10-0

 

 

1  4 6 7 10 13

2

තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරුප: ළහිරු හර්ෂණ


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.