Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දසුන් ශානකගේ (නොදැවී 105) විශිෂ්ට ඉනිම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති දිවා තරගයේදී මහනුවර පිල කඩුලු 5 කින් ගාල්ල පිල පරාජය කළේය.
මෙහිදී මහනුවර පිල දෙවැනි ජය ලැබූව පළමු තරග හතරම පරාජය වීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව මීට පෙරම අහිමිව තිබුණි. මහනුවර පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ආරම්භක තරගවලට සහභාගි නොවීම දැඩි පාඩුවක් බවට පත්විය.
ගාල්ල පිල මෙම තරගයෙන් පරාජයට පත්වීමත් සමඟ අවසන් තරගයට පැමිණීමට තබා තිබූ බලාපොරොත්තු සුන්විය.
කොළඹ පිල සහ දඹුල්ල පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.
දසුන් ශානක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කින් නොදැවී ලකුණු 105 ක් රැස් කළේය. දසුන්ගේ අනගි ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර 5 කින් වර්ණවත් වූ අතර එම හයේ පහර කීපයක්ම ප්‍රේක්‍ෂකාගාරවලට පතිත වීම කැපී පෙනුණි.
නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක තෙවැනි කඩුල්ලට පන්දු 73 කින් ලකුණු 134 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට පහසු මාර්ගයක් විවෘත කළහ.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38 කින් ලකුණු 46 ක් රැස් කළේය. මැතිව්ස් ලකුණු 39 ක් ජෙහාන් ඩැනියල්ගේ පන්දුවකට ලබාදුන් උඩ පන්දුව ප්‍රභාත් ජයසූරිය වෙතින් ගිලිහී ගියේය.
ධනංජය සිල්වා දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ළහිරු තිරිමාන්න (04) පිටියෙන් ඉවත්කරමින් පන්දු හතරක් තුළදී දෙවැනි කඩුල්ලත් දවාගත්තේය.
කුසල් පෙරේරා ලකුණු 9 ක් පමණක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී යෑම ගාල්ල පිලට ප්‍රසාද දීමනාවක් බඳු විය.
ඇන්ජලෝ පෙරේරා (47) සහ අසේල ගුණරත්න (නොදැවී 46) පස්වැනි කඩුල්ලට පන්දු 73 කින් ගොඩනැගූ ලකුණු 107 සම්බන්ධතාවත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ගාල්ල පිල නැවතත් හිස එසවීය.
අසේල ගුණරත්න පන්දු 41 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කළේය. අසේලගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ඇන්ජලෝ පෙරේරා අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 36 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත් විය.
මෙහිදී ලසිත් මාලිංග යැවූ ඕවර හතරට ලකුණු 52 ක් රැස්කිරීමට ගාල්ල පිලේ පිතිකරුවෝ සමත් වූහ. මාලිංග ඇන්ජලෝ පෙරේරාගේ කඩුල්ල පමණක් දවා ගත්තේය.
මාලිංග මෙම තරගාවලියේ තරග හයේදී ඕවර 24 ක් යවමින් ලකුණු 207 කට කඩුලු 3 ක් පමණක් දවාගත්තේය.
චරිත් අසලංක අනගි පන්දු යැවීමක නිරත වෙමින් පන්දු 11 ක් තුළදී කඩුලු හතරක් දවා ගැනීමෙන් ගාල්ල ඉනිම තරමක් අඩපණ විය. චරිත් ඕවර තුනකදී ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට සිවුවැනි ඕවරය යෑවීම කැඳවීම් නොලැබීම කැපී පෙනුණි.
කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් පන්දු 17 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.
චරිත් අසලංක කඩුල්ල තුළට දඟ කැවීමට යැවූ පන්දුව දිමුත් කරුණාරත්නගේ (04) පා ආවරණයේ වැදීමත් සමඟ පන්දු හතරක් තුළ දෙවැනි කඩුල්ලත් බිඳ වැටුණි.
ළහිරු මිලන්ත ඉදිරියට පැමිණ පහරක් ගැසීමට ගත් උත්සහයේදී දැවී ගියේය. මිලන්ත ඒ වන විට පන්දු පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් ලබා සිටියේය.
කුසල් සහ මිලන්ත තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී හෙවත් පන්දු 17 කින් ලකුණු පුවරුවට ලකුණු 50 ක් එකතු කිරීමට සමත් වූහ.
කුසල් මෙන්ඩිස් පළමු ඕවරයේදීම වේගවත් පිතිහරඹයකට අවතීරණ වෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් රැස්කිරීමට සමත් විය.
ගාල්ල පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ලකුණු පුවරුව
ගාල්ල පිල
කුසල් මෙන්ඩිස් - ඇ. මැතිව්ස් ප. අසලංක 43
ළහිරු මිලන්ත - ප. අසලංක 24
දිමුත් කරුණාරත්න - ක. මූ. කළා ප. අසලංක 4
ධනංජය ද සිල්වා - ඇ. භානුක ප. අසලංක 4
ඇන්ජලෝ පෙරේරා - ප. මාලිංග 47
අසේල ගුණරත්න - නොදැවී 46
සහන් ආරච්චිගේ - නොදැවී 1
අතිරේක 27
එකතුව ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 196
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ජෙහාන් ඩැනියල්, දුෂ්මන්ත චමීර, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත
කඩුලු වැටීම:
1-70(මිලන්ත), 2-74(දිමුත්), 3-82(කුසල්), 4-83(ධනංජය), 5-190(ඇන්ජලෝ පෙරේරා)
පන්දු යැවීම:
ළහිරු ගමගේ: 4-0-37-0, දසුන් ශානක: 4-0-37-0, ලසිත් මාලිංග: 4-0-52-1, මාලින්ද පුෂ්පකුමාර: 4-0-33-0, චරිත් අසලංක: 3-0-14-4, තික්‍ෂිල ද සිල්වා: 1-0-10-0
මහනුවර පිල
කුසල් පෙරේරා - ක. මූ. කළා ප. ධනංජය ද සිල්වා 9
ළහිරු තිරිමාන්න - ස්ටම්ප් මිලන්ත ප. ධනංජය ද සිල්වා 4
ඇන්ජලෝ මැතිව්ස් - ප. රාජිත 46
දසුන් ශානක - නොදැවී 105
භානුක රාජපක්‍ෂ - ඇ. සහ ප. සහන් 6
තික්‍ෂිල ද සිල්වා - ඇ. සහන් ප. චමීර 6
චරිත් අසලංක - නොදැවී 8
අතිරේක 15
එකතුව ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී 199
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ධනංජය ලක්‍ෂාන්, මාලින්ද පුෂ්පකුමාර, ලසිත් මාලිංග, ළහිරු ගමගේ
කඩුලු වැටීම:
1-19(කුසල් මෙන්ඩිස්), 2-20(තිරිමාන්න), 3-154(මැතිව්ස්), 4-165(භානුක), 5-189(තික්‍ෂිල)
පන්දු යැවීම:
ධනංජය ද සිල්වා: 2-0-9-0, සහන් ආරච්චිගේ: 2.2-0-27-1, ප්‍රභාත් ජයසූරිය: 4-0-33-0, දුෂ්මන්ත චමීර: 4-0-41-1, ඇන්ජලෝ පෙරේරා: 1-0-17-0, කසුන් රාජිත: 4-0-45-1, අසේල ගුණරත්න: 1-0-12-0, ජෙහාන් ඩැනියල්: 1-0-14-0
ඡායාරූප : ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.