Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙවැනි එක්දින තරගය අතහැර දමයි

දෙවැනි එක්දින තරගය අතහැර දමයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත අතර ඩබ්ලින්හිදී අද (08) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි සහ අවසන් එක්දින තරගය ක‍්‍රීඩාංගණයේ තෙතබරිත ස්භාවය හේතුවෙන් පන්දුවක්වත් නොයවා අතහැර දමන ලදි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15 ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් ඊයේ ෙ රාත‍්‍රී ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් ක‍්‍රීඩාංගණය තෙත බරිත වීම නිසා තරග ආරම්භය ප්‍රමාද විය. දහවල් නැවතත් වර්ෂාව ඇද හැළිණ. දහවල් 12.00 වන විට වර්ෂාව තරමක් වැඩි වූ නමුත් පසුව එය ක්‍රමයෙන් අඩුවී ගියේය.

ඕවර සංඛ්‍යාව අඩු කරමින් හෝ තරගය පැවැත්වීමට තරග තීරක සහ විනිසුරුවරු උත්සාහ ගත් නමුත් පස්වරු 2.00 ට පමණ ක්‍රීඩාංගණය පරීක්ෂා කළ විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ.

පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය.

 

 

 

 

 

 

 


අදහස් (1)

දෙවැනි එක්දින තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.