Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර අද (23 වැනිදා) පැවැත්වීමට නියමිතය තිබූ දෙවැනි පුහුණු එක්දින තරගය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.
කෙළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතය තිබූ අතර අද උදෑසන සිට පැවැති වර්ෂාව නිසා පිටියේ හතරේ සීමාව අවට තෙතබරිත ව තිබිණ. හතරේ සීමාවෙන් ඇතුළත ජලය උරා ඉවතට ගෙන ගොස් දමන ‘සුපර් සොපර්’ යන්ත‍්‍රය යෙදීමට වත් නොහැකි තරමට ටෙනිස් පිටිය අන්තයේ හතරේ සීමාවෙන් ඇතුළත පෙගී තිබිණ.
ලී කුඩු යොදාගනිමින් කී‍්‍රඩාංගණය තරග කළ හැකි මට්ටමට ගැනීමට කී‍්‍රඩාංගණ බලධාරීන් උත්සාහ කළ නමුත් ඒ සියලූ උත්සාහයන් අසාර්ථක වූයේ උදෑසන සිටම පැවැති අඳුරු සහගත කාලගුණය හේතුවෙනි.
පස්වරු 1.00 ට පමණ කී‍්‍රඩාංගණය පරීක්‍ෂා කළ ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ නිශාන් ධනසිංහ යන විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 26 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.